අළුත් වැඩකටයුතු ආරම්භ කිරීමට හැකිවන දවසක්. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වැඩකටයුතු වලට උපකාර කරන දවසක්. ප්‍රමාද වූ මුදලක් අතට ලැඛෙයි. රාත්‍රී කාලයේදී පවුලේ අය සමග එක්ව සතුටු වීමට ලැඛෙයි.
වෘෂභ ලග්නය
උදෑසන කාලයේදී ආගමික කටයුතු පිළිබදව කතාබහ කරයි. සවස් වන විට රැකියාවේ වැඩකටයුතු වලින් නිදහසක් ලැඛෙයි. නව රැකියා අවස්ථා ගැන උනන්දුවන ඒ පිළිබදව තොරතුරු ලැඛෙන දවසක්. දෙමාපියන්ගේ ඕනෑ එපාකම් ගැන සොයයි.
මිථූන ලග්නය
උදෑසන කාලය තුලදී දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. නමුත් ඒවායින් එතරම් ප්‍රයෝජන නොලැඛෙයි. සවස් කාලයේදී ආගමික කටයුත්තකට යොමුවීමට හැකිවෙයි. විදෙස්ගත නෑදෑ හිතවතුන් සමග පවතින සබදතා අළුත් වෙයි.
කටක ලග්නය
තමාගේ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් වැඩකටයුතු කරන දවසක්. තරගකාරීව වැඩකටයුතු කරාවී. හිතමිතුරන් හමුවන අවස්ථාවන්ට සහභාගී වීමට ලැඛෙයි. සවස් කාලය වන විට සිතට තරමක අසහනකාරී බවක් දැනෙයි. රාත්‍රී කාලයේදී බඩේ අසනීප තත්වයන් ඇතිවිය හැකියි.
සිංහ ලග්නය
උත්සහයෙන් වැඩකටයුතු කරන නිසා ප්‍රමාද වූ වැඩකටයුතු නිමාකර ගතහැකි දවසක්. සතුරු කරදර මගහැරී යන දවසක්. සවස් කාලය වන විට පෙම්වතුන්ට පෙම්වතියන්ට නිදහසේ හමුවීමට අවස්ථාවන් ලැඛෙයි. රාත්‍රී
කාලයේදී උත්සව අවස්ථාවකට සහභාගී වීමට ලැඛෙයි. රසවත් ආහාරපාන ලැඛෙයි.
කන්‍ය ලග්නය
උදෑසන කාලයේදී දූ දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. විද්‍යා විෂයන් ඉගෙන ගන්න අයට තරමක් සංකීර්ණ දෑ ඉගෙන ගැනීමට සිදුවෙයි. සවස් කාලය තුල වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීමට උනන්දු වේවි.
තුලා ලග්නය
උදෑසන කාලයේදී නිවාස වාහන අළුත් වැඩියා කිරීම් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. නෑදෑයින් සමග ගැටළු ඇතිවන්නට පුළුවන්. සවස් කාලය වන විට සිතේ පැවති සැකයක් දුරුවී යයි. සවස් කාලයේදී හෝ රාත්‍රී
කාලයේදී දූ දරුවන් සමග කාලය ගත කිරීමට ලැඛෙයි.
වෘශ්චික ලග්නය
උදෑසන කාලය තුල ඔබේ හොද නම පැතිරෙයි. පැසසුම් ලැඛෙන දවසක්. නෑදෑයින්ගේ හෝ හිතවතුන්ගේ වැඩ කටයුතු වලට උදව් කිරීමට සිදුවන දවසක්. රාත්‍රීයේදී නින්දට බාධාවන් ඇතිවේ.
ධනු ලග්නය
දවස ආරම්භයේදී වැඩකටයුතු වැඩි බවක් දැනේ නමුත් සවස් වන විට එම තත්වයෙන් නිදහස් වන්නට පුළුවන්. පැරණි හෝ කැඩී බිදී ගිය දෑ අළුත් කිරීමට සිදුවෙයි. සවස් කාලයේ දී අළුත් ආදායම් මාර්ග කෙරෙහි සිත් යොමුවෙයි. හිතවතුන්ගේ වැඩක් වෙනුවෙන් සවස් කාලය කැප කිරීමට සිදුවෙයි.
මකර ලග්නය
ප්‍රීතිමත් ලෙස දවස ආරම්භ කිරීමට හැකිවෙයි. හිතමිතුරන් ඥාතීන් සමග විනෝද වීමට ලැඛෙයි. උදය කාලය තුලදී අලංකාර දෑ මිලදී ගැනීමට යොමුවෙයි. සවස් වන විට කාර්යබහුල බවක් දැනෙයි. පැවරෙන වැඩකටයුතු නිම කිරීමට වෙහෙසීමට සිදුවෙයි.
කුම්භ ලග්නය
උදෑසන කාලයේ මුදල් වියදම වැඩි බවක් දැනේ. සවස් කාලය යහපත් බිල්පත් ගෙවීම් ණය ගෙවීම් උදය කාලය තුල යෙදෙන්නට පුළුවන්. සවස් කාලයේදී අළුත් ආභරණ මිලදී ගැනීමට රූපලාවන්‍ය කටයුතුවල නිරත වීමට උනන්දුවක් දක්වයි. සවස් කාලයේදී හෝ රාත්‍රීයේදී හිතමිතුරන් නිවසට පැමිණෙයි.
මීන ලග්නය
උදෑසන කාලය තුල කරන ගණුදෙනු වලින් වඩාත් ලාභ ලැඛෙයි. ප්‍රමාද වූ මුදල් අතට ලැඛෙයි. හිතමිතුරන්ගෙන් උපකාර ලැඛෙන දවසක්. නමුත් සවස් කාලය වන විට බලාපොරොත්තු නොවූ ලෙස මුදල් වැය වන්නට පුළුවන්. සවස් කාලය තුල කරන ගණුදෙනු වලින් එතරම් ලාභ නොලැඛෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

