කලක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුවන සාර්ථක දවසක්. රැකියා කටයුතුවල පැවති අවහිරතා මගහැරෙයි. අලූත් රැකියා කෙරෙහි සිත් යොමුවෙයි. අලූත් වැඩ කටයුතු ආරම්භ කරයි. දෙමාපියන්ගේ වැඩකටයුතු ගැන සොයා බලයි.
වෘශභ ලග්නය
ආගමික ප්‍රබෝධයකින් යුතුව කටයුතු කරන දිනයක්. සිතට සහනය ලැඛෙන විවිධ දේ කෙරෙහි සිත් යොමුවෙයි. ඔබේ වැඩ කටයුතු කෙරෙහි වැඩිහිටියන්ගේ අවධානය යොමුවෙයි දුරබැහැර සිටින අය සමග හිතවත්කම් පවත්වයි.
මිථූන ලග්නය
දුර බැහැර ගමන් බිමන් යෙදෙයි. අතරමග රස්තියාදු වීමට සිදුවෙයි. බලාපොරොත්තු නොවූ ආකාරයක මුදල් වැයවීමක් යෙදෙයි. දණහිස් වල හෝ වළලූකර ආශ්‍රිතව අසනීප තත්වයන් මතුවිය හැකියි. විවිධ හේතූන් නිසා සිතට භය ඇතිවන දවසක්.
කටක ලග්නය
සුව පහසුවඇතිවන රසවත් ආහාරපාන භුක්ති විදීමට ලැඛෙන වාසනාවන්ත දවසක්. අවිවාහක අය සදහා සුදුසු මංගල යෝජනා ලැඛෙයි. පෙම්වතුන්ට පෙම්වතියන්ට නිදහසේ කතාබහ කිරීමට හමුවීමට ලැඛෙයි. ඇසුරු කරන පිරිස් අතරින් හොද පිළිගැනීමක් ලැඛෙයි.
සිංහ ලග්නය
කලක් පැවති නීතිමය ගැටළුවක් විසදා ගැනීමට හෝ සතුරු කරදරයක් මගහැර ගැනීමට හැකිවෙයි. රෝගාබාධ වලින් පීඩා විදින අයට ඒවා සුවවී නීරෝගී බව ලගාවන දවසක්. උනන්දුවෙන් වැඩ කිරීම නිසා තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ හිමිවන දවසක්.
කන්‍ය ලග්නය
නිර්මාණහීලී කලාකාමී අදහස් ඇතිවන දවසක්. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස වීමට සිදුවන විද්‍යා විෂයන් හදාරන අයට යහපත් දවසක්. දූ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙයි.
තුලා ලග්නය
තෑගි බෝග ලැබීමට වාසනාව ඇති දවසක්. ගේදොර වැඩ කටයුතු තරමක් අපිළිවල වීමට ඉඩ තිබේ. වතුපිටි දේපල පිළිබදව සොයා බලයි. ආදායම් වර්ධනය කරගැනීමට උනන්දුවෙයි.නෑදෑයන් සමග අවුල් වියවුල් ඇතිවිය හැකි දවසක්.
වෘශ්චික ලග්නය
තමන්ගේ ආර්ථීකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගනී. උද්යෝගයෙන් වැඩ කරයි. තම හිත මිතුරන්ගේ ඥාතීන්ගේ වැඩ කටයුතු වලට සහය දැක්වීමට සිදුවෙයි. මිතුරන් හමුවන අවස්ථාවන්ට සහභාගී වෙයි.
ධනු ලග්නය
එදිනෙදා වැඩ කටයුතු ප්‍රමාද වෙයි. වෙනත් අයගේ වැඩ ඔබ වෙත පැවරෙන දවසක්. වැඩ වැඩි නිසා නිසි වේලාවට ආහාර ගැනීමට පවා නොහැකි වෙයි. මුදල් ලැබීම ප්‍රමාද වෙයි. පරිහරණය කරන බඩු භාහිරාදිය පහසුවෙන් කැඩී බිදී යන දවසක්.
මකර ලග්නය
සතුටු දායක ගමන් යෙදෙයි. හිත මිතුරන් සමග කථාබහ කර විනෝද වීමට අවස්ථාව ලැඛෙයි. රූපලාවන්‍ය කටයුතු වල නිරතවීමට අලංකාර දෑ මිලදී ගැනීමට උනන්දුවෙයි. හදවතට එකගව තීන්දු තීරණ ගන්න අවංකව වැඩ කරන දවසක්. සිත් රිදීම් ඇතිවිය හැකියි.
කුම්භ ලග්නය
මුදල් පරිහරණයේදී එතරම් සැලකිල්ලක් නොමැති නිසා පාඩු සිදුවිය හැකි දවසක්. වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමට සිදුවෙයි. කේලාම් වලට හසුවිය හැකි නිසා කථාබහ කිරීමේදී සැලකිලිමත් වන්න. ණය ගෙවීම් බිල්පත් ගෙවීම් ආදියට මුදල් වැය වෙයි.
මීන ලග්නය
පවුලේ සාමාජිකයන් අතර පවතින අසමගිතා දුරුවී සමගිය උදාවන දවසක්. ඔබගේ ගැටළුවක් විසදා ගැනීමට ඥාතියෙකුගෙන් හෝ මිතුරෙකුගෙන් සහයෝගය ලැඛෙයි. නිවසේ සැප පහසුකම් වර්ධනය කර ගැනීමට මුදල් වැයවෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

