2015-01-23 දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

අතමිට සරුවන වාසනාවන්ත දවසක්. ඔබේ වැඩකටයුතු වල සාර්ථකත්වය දෙස බලා ඔබටම සතුටු විය හැකියි. ප්‍රමාද වූ මුදලක් අතට ලැඛෙන දවසක්. ආර්ථීක අවහිරතා මගහැරී යයි.

වෘෂභ ලග්නය

වාසනාවන්ත දවසක්. විවිධ ආකාරයේ වාසි ලැඛෙන්නට පුළුවන්. ස්වයං රැකියාවල නියුතු අයට යහපත් දවසක්. හොද සමාජ ඇසුරක් ලැඛෙයි. ගොවිතැන් වලින් හොද ආදායමක් ලැබේවී. නෑදෑ හිතමිතුරන් ඔබ සොයා ඒවි.



මිථුන ලග්නය

විදේශිකයන් සමග කරන වැඩ කටයුතු වලින් වාසි ලැඛෙයි. ආගමික නායකයින් ඇසුරු කිරීමට ලැඛෙන දවසක්. නීතිමය ගැටළු ඇතිවිය හැකි නිසා අකුරටම වැඩ කලයුතු දවසක්.

කටක ලග්නය

නිතර සැළෙන සිතකින් යුතුව වැඩකරයි. අස්ථාවර බවක් සිතට දැනෙයි. සුපුරුදු ජීවන රටාවෙන් බැහැරවීමට සිදුවෙයි. සතුන් නිසා කරදර අපහසුතා ඇතිවන්නට පුළුවන්.

සිංහ ලග්නය

සිතේ සතුට වැඩිවන දවසක්. ඔබට විශේෂ ගරුසරුවක් ලැබිය හැකියි. තරගකාරී දේට වාද විවාද වලට ප්‍රිය කරයි. කාන්තාවන් සමග වැඩියෙන් ගණුදෙනු කරන දවසක්.

කන්‍යා ලග්නය 

ශරීර සනීපය ඇතිවන දවසක්. සුවපහසු ආහාර පාන ලැඛෙයි. කලක සිට මිලදී ගැනීමට යමක් ලබාගැනීමට හැකිවෙයි. ලෙඩ රෝග පිළිබදව කථාබහ කරයි. ලෙඩරෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගනී.

තුලා ලග්නය

විනෝද වීමට විවිධ ක්‍රම සොයයි. සිතේ සතුට තරමක් අඩු දවසක්. ආදර සම්බන්ධතා නිසා සිතට දුක් දැනෙන්නට පුළුවන්. නිවසේ වැඩකටයුතු ගැන උනන්දුවෙන් සොයා බලන දවසක්. අධ්‍යාපන කටයුතු වල නියුතු අයට තරමක් වැඩ වැඩිවන දවසක්.

වෘශ්චික ලග්නය

ප්‍රවේශමෙන් වාහන ධාවනය කලයුතු දවසක්. කාර්මික දෝෂයන් ඇතිවිය හැකි. කලක් පැවති සැකයක් දුරුවිය හැකි දවසක්. සත්‍ය හෙලිකර ගත හැකි දවසක්.

ධනු ලග්නය

මිල මුදල් පිළිබදව බලාපොරොත්තු වැඩිවන දවසක්. අනාගත දියුණුව ගැන සිතා තීරණ ගන්න දවසක්. සතුරන් ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතු දවසක්.

මකර ලග්නය

දියුණුව අඩුවන දවසක්. වැඩකටයුතු ඇනහිටිය හැකි දවසක්. උද්යෝගයෙන් කටයුතු කල හැකි දවසක්. වෙනකෙනෙකු ලවා කරවා ගත යුතු දෑ තමන්ටම කිරීමට සිදුවෙයි.

කුම්භ ලග්නය

කාරුණික සිතුවිලි උපදින දවසක්. සියලූ දෙනාටම අනුකම්පා කරන දවසක්. රසවත් ආහාර පාන සකස් කර ගැනීමට අවස්ථාවන් ලැඛෙයි. නවීන පන්නයේ බඩුමුට්ටු මිලදී ගැනීමට මුදල් වැයවෙයි.

මීන ලග්නය

ලෝභකම අඩු දවසක්. ඒ නිසාම වියදම් පාලනය කිරීමට අපහසුවෙයි. ඇදුම් පැළදුම් ඉක්මනින් කිලිටි වන දවසක්. මුදල් වැයවීම් තරමක් වැඩි දවසක්. ගණුදෙනු වලදී ප්‍රවේශම් වන්න. වැරදීම් නිසා පාඩු සිදුවෙන්න පුළුවන්.



සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)


back to top