2015-01-20 දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය 

උදෑසන කාලය තුලදී ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වයි. අලූත් වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකිවන වාසනාවන්ත දවසක්. වැදගත් පුද්ගලයන් මුණගැසෙයි. ඔවුන් සමග සම්බන්දතා පවත්වයි. සංග්‍රහයක් භුක්ති විදීමට ලැඛෙයි.

වෘශභ ලග්නය

උදෑසන කාලය තුලදී දුර බැහැර ගමන් යෙදෙයි. ඔබගේ වැඩ කටයුතු වලට වැඩිහිටියන්ගෙන් දැනුමැති අයගෙන් උපදෙස් ලැඛෙයි. පැරණි සිරිත් විරිත් හා සංස්කෘතික කටයුතු පිළිබදව උනන්දුවක් දක්වයි. ඒවා ගැන කතාබහට ලක්වෙයි. ඇතැම්විට වැඩි කාලයක් නිවසෙන් බැහැරව වාසය කරයි.

මිථූන ලග්නය

උදෑසන කාලය තුලදී වැඩි පිරිසක් සමග සුහදශීලීව කටයුතු කිරීමට ලැඛෙයි. තරමක් දුර බැහැර ගමනක් යෙදෙයි. නමුත් ඒ අතරතුර ප්‍රමාදයක් ඇතිවෙයි. බලාපොරොත්තු නොවූ ආකාරයක මුදල් වැයවීමක් යෙදෙයි. සිතේ අසහනකාරී බවක් පැවතියද සවස් වන විට එම තත්වය මගහැරී යයි.

කටක ලග්නය 

උදෑසන කාලයේ කරන වැඩකටයුතු සාර්ථක කර ගැනීමට බොහෝ දෙනාගේ සහය ලැඛෙයි. විවාහ මංගල උත්සවයකට හෝ වෙනත් උත්සව අවස්ථාවකට සහභාගී වීමට සිදුවෙයි. පැරණි සම්බන්දතා අලූත් වෙයි. ප්‍රේම සම්බන්දතා අලූත් වෙයි.

සිංහ ලග්නය

උදෑසන කාලයේදී  දරුවෙකුගේ වැඩ කටයුතු වෙනුවෙන් සහය වීමට සිදුවෙයි. අපේක්ෂා ඉටුවන සාර්ථක දිනයක්. තරගකාරී වැඩවලින් ජයග්‍රහණ හිමිවෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගනීි. ආර්ථීක තත්වය යහපත්ව පවතින දවසක්. ද්‍රව්‍යමය ලාභ ලැඛෙයි.

කන්‍ය ලග්නය

උදෑසන කාලය තුලදී නිවසේ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. දූ දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් කාලය සහ ධනය වැයවෙයි. පර්යේෂණ සහ විද්‍යාත්මක වැඩ කටයුතුවල නියුතු අයට සාර්ථක ප්‍රතිඵල ලැඛෙයි.

තුලා ලග්නය

නෑදෑයෙකුගේ හෝ මිතුරෙකුගේ වැඩකට උදෑසන කාලයේදී සහය වෙයි. නිවාස තැනීම. ගේදොර අලූත් වැඩියා කිරීම් වැනි කටයුතු යෙදෙයි. ගොවිතැන් දේපල ආරක්ෂා කරගැනීමට සාර්ථකව පවත්වා ගැනීමට වෙහෙසීමට සිදුවෙයි.

වෘශ්චික ලග්නය

කාර්ය බහුල දවසක්. ඔබගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සුභවාදී ඇගයීමක් සමාජය තුලින් ලැඛෙයි. සැගවුණු සහජ කුසලතාවයන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවන දවසක්. දියුණුව වෙනුවෙන් උනන්දුවෙන් වැඩ කරන දිනයක්.

ධනු ලග්නය 

ප්‍රීතිමත් ලෙස දවස ආරම්භ වෙයි. අනුන්ගේ වැඩ කටයුතු තමන් වෙත පැවරෙන දවසක්. නිදහස තරමක් ඇහිරෙයි. ගණුදෙනු වලින් මුදල් ආයෝජනය කිරීම් වලින් එතරම් ලාභ නොලැඛෙන දවසක්.

මකර ලග්නය

උදෑසන කාලයේදී කරන ගණුදෙනු වලින් ලාභ නොලැඛෙයි. ප්‍රීතිමත් ලෙස නෑදෑයන් හිතමිතුරන් සමග කතාබහ කිරීමට ලැඛෙන අවස්ථාවක් උදාවෙයි. අලූත් ඇදුම් පැළදුම් පරිහරණය කිරීමට රූපලාවන්‍ය කටයුතු වල නියුතු වීමට උනන්දුවෙයි. සංග්‍රහයක් ලැඛෙයි.

කුම්භ ලග්නය

උදෑසන කාලයේදී කරන ගණුදෙනු වලින් ලාභ ලැඛෙයි. සොයා නොබලා වැඩ කිරීම නිසා හෝ අත්වැරදීමක් නිසා අලාභයක් පාඩුවක් සිදුවිය හැකියි. රන් ආභරණ මුදල් පසුම්බිය හා අනෙකුත් වටිනා දේ නැතිවීමට අස්ථාන ගතවීමට හැකි දවසක්.

මීන ලග්නය 

රැකියාවේ පැවති ගැටළු උදෑසන කාලය තුලදී මගහැරෙයි. ආර්ථීක වශයෙන් යහපත් දවසක්. ආදායම් තත්වය ඉහල මට්ටමක පවතී. ස්වයං රැකියා වල නියුතු අයට වගාවන් සහ දේපල වලින් ආදායම් උපයන අයට වැඩි වාසියක් අත්වෙයි.



සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

back to top