පැරණි දෙයට ආසා කරයිි. ඉතිහාසය පිළිබද කතාබහක යෙදෙයි. පිට පලාතක සිටින අයෙකු සමග පැවති සම්බන්දතාවක් අලූත්වෙයි. ඔබේ වැඩ කටයුතු පිළිබදව වැඩිහිටියන්ගේ අවධානය යොමුවෙයි. ආගමික ස්ථානයකට යාමට හෝ ආගමික උත්සව අවස්ථාවකට සහභාගී වීමට ලැඛෙයි.
වෘශභ ලග්නය
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙයි. ඒවා පිළිබදව කනගාටුවෙයි. ගමන් බිමන් වලදී ප්‍රමාද වීම් සිදුවන නිසා වෙනදාට වඩා තරමක් කලින් ගමන් පිටත් වන්න. සිතට අසතුට දනවන ආරංචි අසන්නට ලැඛෙයි. සිතේ කලබලකාරී බවක් ඇතිවෙයි.
මිථූන ලග්නය
ඔබගේ සහකරු සහකාරිය සමග පවතින බැදීම් වර්ධනය වන දවසක්. ආදරය පිළිබද බලාපොරොත්තු සඵල වෙයි. පොදු කටයුතු වෙනුවෙන් කාලය වැයවන දවසක්. ප්‍රීතිමත් උත්සව අවස්ථා වලට සහභාගීවීමට ලැඛෙයි. නෑදෑ හිත මිතුරන් හමුවෙයි.
කටක ලග්නය
ප්‍රමාද වූ වැඩ කටයුතු යලිත් ආරම්භ වන උද්යෝගයෙන් වැඩ කරන දවසක්. සතුරු කරදර මගහැරෙයි. ඉදිරිපත්වන සියලූ කටයුතු සාර්ථක වන දවසක්. ලෙඩ දුක් වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වටපිටාව සකසා ගනියි. ඒවාට අවශ්‍ය උපදෙස් සොයයි.
සිංහ ලග්නය
අධ්‍යාපන කටයුතු වල නියුතු අයට තරමක් වැඩ වැඩිවන දවසක්. තම දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන සිතා කටයුතු කරයි. නොවැදගත් හේතු නිසා ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය සමග සිත් අමනාපකම් ඇතිවිය හැකියි.
කන්‍ය ලග්නය
වෙනදාට වඩා ඉක්මනින් කෝපවන දවසක් නිසා ඉවසීමෙන් වැඩ කරන්න. නිවසේ ගෙවත්තේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය සහ ධනය වැයවෙයි. වාහනවල කාර්මික දෝෂ මතුවීමට ඉඩතිඛෙන දවසක් නිසා ඒවා පිළිබද වඩාත් කල්පනාකාරී වන්න. රාත්‍රී කාලයේදී වැඩකටයුතු කිරීමට සිදුවන දවසක්.
තුලා ලග්නය
ආර්ථීකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය වැදගත් තීරණ ගන්නා දවසක්. ඔබගේ වැඩකටයුතු ගැන යහපත් ආකාරයේ කතා අසන්නට ලැඛෙයි. ඥාතියෙකුට හෝ හිත මිතුරෙකුට උපකාරයක් කිරීමට සිදුවෙයි. කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට ලැඛෙන දවසක්.
වෘශ්චික ලග්නය
කාර්ය බහුල දවසක්. කිහිපදෙනෙකු කලයුතු වැඩ කටයුතු තනිව කිරීමට සිදු වෙයි. වැඩ වැඩි නිසා පෞද්ගලික වැඩ කටයුතු පවා අතපසු වීමට ඉඩ තිබේ. මුදල් ලැබීම ප්‍රමාද වන අතර වියදම ඉහල යයි. පරිහරණය කරන බඩු බාහිරාදිය පහසුවෙන් කැඩී බිදී යන දවසක්.
ධනු ලග්නය
සතුටු දායක දවසක්. හිතට එකගව අවංකව වැඩ කරයි. අලූත් ඇදුම් මිලට ගැනීමට රූපලාවන්‍ය කටයුතුවල නිරතවීමට සිත් යොමුවෙයි. නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කිරීමට හෝ ඔවුන්ගේ සංග්‍රහයක් භුක්ති විදීමට ලැඛෙයි. නවීන පන්නයට හැඩ ගැසීමට ආසාවක් ඇතිවෙයි.
මකර ලග්නය
නොතේරුම්කම නිසා හෝ වැරදීමක් නිසා පාඩුවක් සිදුවිය හැකියි. ගෙදරට අවශ්‍ය එදිනෙදා පරිහරණය කරන දෑ මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. ගණුදෙනු වලදී වංචා කරුවන්ට හසුනොවීමට වගබලා ගන්න.
කුම්භ ලග්නය
අලූත් හිතමිතුරන් හදුනා ගැනීමට අවස්ථාව ලැඛෙයි. ස්වයං රැකියාවල නියුතු වූවන්ට වෙළද ව්‍යාපාර පවත්වාගෙන යන අයට හොද ලාභ ලැඛෙන දවසක්. සුවපහසුව වැඩිදියුණු කර ගැනීමට උනන්දුවෙයි. ප්‍රමාද වූ මුදලක් ලැඛෙයි.
මීන ලග්නය
රැකියාවේ ප්‍රගතියක් දැකිය හැකි දවසක්. රැකියා පිළිබද බලාපොරොත්තු සඵල වෙයි. ඥාතීන් හිතමිතුරන් ඔබ ගැන සතුටු සිතින් කථාබහ කරයි. සමාජයේ වැදගත් යයි සම්මත අය ඇසුරු කිරීමට ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකිවෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

