2015-01-16 දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය 

එදිනෙදා  වැඩකටයුතු වලට බාධා ඇතිවෙයි. ගමන් බිමන් වලදී මගතොට රස්තියාදු වීමට සිදුවිය හැක. සිතට අසහනකාරී සිතුවිලි ගලා එන දවසක්. සිතට බයක් දැනෙයි. අවුල් වියවුල් සහිතයි. දණහිස් ආශ්‍රිතව හෝ කකුල් ආශ්‍රිතව අසනීප තත්වයක් ඇතිවිය හැකියි.

වෘශභ ලග්නය

ඔබ ආස කරන රසවත් ආහාර පාන ලැඛෙන දවසක්. අවිවාහක අයට ගැලපෙන විවාහ යෝජනා ලැඛෙන මංගල යෝග සහිත දවසක්. පැරණි පෙම් සම්බන්දතා අලූත් වන දවසක්. පවුලේ අය සමග පවතින අසමගිතා මගහැරී යයි.

මිථූන ලග්නය

කලක සිට සිතේ පැවති අරමුණක් ඉටුකර ගැනීමට වෙහෙසීමට සිදුවන දවසක්. සනීපාරක්ෂාව කෙරෙහි විශේෂයෙන් උනන්දුවෙයි. ලෙඩ රෝග වලින් මිදෙන දවසක්. වෙනත් අය ලවා ඔබේ කටයුතු කරවා ගත හැකි දවසක්. සතුරන්ගේ ශක්තිය දුර්වල වෙන දවසක්.

කටක ලග්නය

පරිගණක ක්‍රීඩා වල යෙදීමට රූපවාහිනී නැරඹීමට විශේෂ උනන්දුවක් දක්වයි. ප්‍රේමය පිළිබදව අලූත් අදහස් ඇතිවන දවසක්. නමුත් ඒවා සාර්ථක වීමට කල්ගත වෙයි. පර්යේෂණ කටයුතු වල හා කලාත්මක කටයුතු වල නියුතු අයට යහපත් ප්‍රතිඵල ලැඛෙයි.

සිංහ ලග්නය

ඉක්මනින් කේන්ති යන දවසක්. යම් යම් දේ පිළිබද සැක ඇතිවන දවසක්. ආදර සංග්‍රහයක් හෝ තෑගී බෝග ලැබීමට වාසනාව ඇති දවසක්. වාහන නිවාස නඩත්තු කිරීමට අලූත් වැඩියා කිරීමට වෙහෙස වෙයි. නෑදෑ හිතමිතුරන් සමග පවතින සමිබන්දතා රැකගැනීමට කල්පනාකාරී වන්න.

කන්‍ය ලග්නය

අනාගත දියුණුව පිළිබදව සහ අලූත් ආදායම් මාර්ග පිළිබදව සිත් යොමු කරයි. ඔබ සතු හැකියාවන්ගෙන් කුසලතාවයන්ගෙන් ප්‍රයෝජන ලබා ගත හැකි දවසක්. හැකියාවන්ට ඇගයීම් ලැඛෙන දවසක්. ක්‍රියාශීලීව වැඩ කරන දවසක්.

තුලා ලග්නය

රැකියා කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපකිරීමක් කිරීමට සිදුවන දවසක්.  වෙනත් අයෙකු වෙනුවෙන් වැඩ ආවරණය කිරීමට සිදුවන දවසක්. වැඩ අධික නිසා කලට වෙලාවට කෑම බීම ගැනීමට පවා නොහැකිවෙයි. පරිහරණය කරන බඩු මුට්ටු පහසුවෙන් කැඩී බිදී යාහැකි දවසක්.

වෘශ්චික ලග්නය

ප්‍රීතිමත් දවසක්. හිතට එකගව සාධාරණ ලෙස වැඩ කරයි. නවීන පන්නයට හැඩගැසීමට ආශාවක් ඇතිවෙයි. අලූත් ඇදුම් පැළදුම් මිලට ගැනීමට රුපලාවන්‍ය කටයුතුවල නිරතවීමට සිත් යොමුවෙයි. නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කිරීමට හෝ සංග්‍රහයක් භුක්ති විදීමට ලැඛෙයි.

ධනු ලග්නය 

ගෙදරට අවශ්‍ය එදිනෙදා පරිහරණය කරන දෑ මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. නොතේරුම්කම නිසා හෝ වැරදීමක් නිසා හෝ පාඩු සිදුවන දවසක්. ගණුදෙනු වලදී වංචාකරුවන්ට හසු නොවීමට වගබලා ගන්න ශාරීරික අපහසුතාවක් ඇතිවිය හැකි දවසක්.

මකර ලග්නය

ඇසුරු කරන අය නිසා සතුටු වීමට ලැඛෙයි. අලූත් හිත මිතුරන් හදුනා ගැනීමට අවස්ථාව ලැඛෙයි. ස්වයං රැකියාවල නියුතු අයට වෙළද ව්‍යාපාර පවත්වාගෙන යන අයට හොද ලාභ ලැඛෙන දවසක්. සුව පහසුව වැඩිදියුණු කර ගැනීමට උනන්දුවෙයි.

කුම්භ ලග්නය

ඥාතීන් හිතමිතුරන් ඔබ ගැන සතුටු සිතින් කතා කරන දවසක්. රැකියාවේ ප්‍රගතියක් දැකිය හැකි දවසක්. රැකියා පිළිබද බලාපොරොත්තු සඵල වෙයි. සමාජයේ පිළිගත් අය ඇසුරු කිරීමට ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට හැකිවෙයි.

මීන ලග්නය 
පැරණි දෙයට ආසා කරයි. ඉතිහාසය පිළිබද කතාබහක යෙදෙයි. පිට රට හෝ දුර බැහැර පලාතක සිටින අයෙකු සමග පැවති සම්බන්දතාවක් අලූත්වෙයි. ඔබේ වැඩකටයතු  පිළිබදව වැඩිහිටියන්ගේ අවධානය යොමුවෙයි. ආගමික උත්සවයකට සහභාගී වීමට අවස්ථාව උදාවෙයි.



සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

back to top