රසවත් ආහාරපාන ලැඛෙයි. වෙනදාට වඩා සමාජශීලීව වැඩ කරයි. අවිවාහක අයට ගැලපෙන සහකරුවන් සහකාරියන් හමුවෙයි. මංගල යෝග සහිත දවසක්. පැරණි ආදර සම්බන්දතා අලූත් වන දවසක්. නවීන පන්නයේ අලූත් භාණ්ඩ මිලදී ගනී.
වෘශභ ලග්නය
සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට උනන්දුවෙයි. ද්‍රව්‍යමය ලාභ ලැඛෙන අතර ආර්ථීක තත්වය ශක්තිමත් වෙයි. කලක සිට මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලබා ගත හැකිවෙයි. සතුරු කරදර මගහැරීයයි.
මිථූන ලග්නය
කලාත්මක කටයුතු වල නියුතු අයට නව නිර්මාණ සංකල්පනා ඇතිවෙයි. අධ්‍යාපන කටයුතු වලදී වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීමට සිදුවෙයි. දූ දරුවන් සමග විනෝද වීමට ක්‍රීඩා කිරීමට ඔවුන්ගේ කටයුතු වලට සහය වීමට සිදුවෙයි. ආදරය නිසා සිත් තැවුල් ඇතිවෙයි.
කටක ලග්නය
හිතවතෙකුගෙන් තෑගී බෝග හෝ සංග්‍රහයක් ලැඛෙයි. ගේ දොර වැඩකටයුතු අපිළිවල වෙයි. ඒවා පවත්වාගෙන යෑමට වෙහෙස වීමට සිදුවෙයි. නෑදෑ හිතමිතුරන් සමග ගැටළු මතුවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාකාරීව වැඩ කරන්න. නිින්දට බාධා ඇතිවෙයි.
සිංහ ලග්නය
අනාගත දියුණුව ගැන සිතා වැඩ සැළසුම් කරයි. ඉතා උද්යෝගයෙන් වැඩ කරන දවසක්. සහජ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට ලැඛෙන දවසක්. අධ්‍යාපනය ලබන අයට යහපත් දවසක්. හිත මිතුරන්ගේ වැඩ කටයුතු වලට උපකාර කිරීමට සිදුවෙයි.
කන්‍ය ලග්නය
වැඩ කටයුතු බහුල දවසක්. පෞද්ගලික නිදහස ඇහිරෙයි. ධනය ලැබීම් ප්‍රමාද වෙයි. වැඩ අධික නිසා කලට වේලාවට ආහාර ගැනීමට ප්‍රමාද වෙයි. ප්‍රවේශමෙන් වචන භාවිත කරන්න.
තුලා ලග්නය
හිත මිතුරන් සමග විනෝද වීමට සතුටින් ගමන් යාමට අවස්ථාව සැළසෙයි. ඇදුම් පැළදුම් පිරිසිදු කර ගැනීමට නිවාස පිරිසිදුව පවත්වා ගැනීමට උනන්දු වෙයි. හිත මිතුරන් නිවසට පැමිණෙයි. අවංක තීරණ ගන්න දිනයක්. ආරථීක ලාභ ලැඛෙන දවසක්.
වෘශ්චික ලග්නය
මුදල් වැයවීම වැඩි දිනයක්. බිල්පත් ගෙවීම ණය මුදල් ගෙවීම ආදිය යෙදෙයි. ගණුදෙනු වලදී ප්‍රවේශම් වන්න. වැරදීම් නිසා අලාභ සිදුවන්න පුළුවන්. ශාරීරික අසනීප මතුවිය හැකියි. ඉතා ඉක්මනින් ඇදුම් අපිරිසිදු වෙයි.
ධනු ලග්නය
වාසනාවන්ත දවසක්. විවිධ ආකාරයේ වාසි ලැඛෙයි. ගොවිතැන් වලදී හොද ඵලදාවක් නෙලාගත හැකි දවසක්. ස්වයං රැකියාවල නියුතු අයට වාසි ලැඛෙයි. සමාජ ඇසුර වැඩිවන දවසක්.
මකර ලග්නය
කලක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුවෙයි. සංග්‍රහයක් භුක්ති විදින්න ලැඛෙන දවසක්. රැකියා උසස්වීම් ස්ථාන මාරුවීම් ලබාගැනීමට උනන්දුවක් දක්වයි. වැදගත් පුදගලයන් ඇසුරු කිරීමට ලැඛෙයි.
කුම්භ ලග්නය
සිතට සහනය ලැඛෙන විවිධ කටයුතු කෙරෙහි සිත් යොමු වෙයි. ජ්‍යෝතිෂය ගුප්ත විද්‍යාව වැනි විෂයන් ගැන උනන්දුවෙයි. වැඩිහිටියන්ගේ උපදෙස් අනුශාසනා අනුව වැඩ කිරීමට සිදුවෙයි. නෑනා මස්සිනාලා ඇසුරු කිරීමට ලැඛෙයි. දුර බැහැර ගමන් ගැන සිත් යොමුවෙයි.
මීන ලග්නය
ගමන් බිමන් වලදී මග රස්තියාදු වීමට සිදුවිය හැක. සිතට දුක දැනෙන ආරංචියක් අසන්නට ලැඛෙයි. අසහනකාරී සිතුවිලි ඇතිවෙයි. ආහාර මාර්ගයේ අසනීප තත්ව මතුවිය හැක. කලක සිට කරගෙන ආ වැඩ කටයුත්තක් අතපසු වීමට ඉඩ ඇති දිනයක්.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

