සඳුදා දින මල්වර වීම
සතියේ දෙවැනි දිනය වන චන්ද්‍රයා අධිපතිව මල්වර වන යුවතියන් වාසනාවන්තියන් වේ. සඳුදා සඳු බලවත් වී සඳු හෝරාවෙන් මල්වරයට පත්වන නිසා එම යුවතියන් සිය මවට සැප සම්පත් ළඟාකර දේ. නිවස සහ පවුලේ සෙසු අයගේද ජීවිතය ආලෝක කරන මේ යුවතියන් ආත්මාර්ථකාමී ගති නැති පරාර්ථකාමී අය වේ. පිනට දහමට කැමැතියි. ආගම ධර්මයටද ළැදිය. නැති බැරි අයටද උපකාරී වන මොවුන් මව්පස නෑයනටද සුබඵල ගෙන දේ.
නමුත් අවපක්ෂයේ චන්ද්‍රයා දුර්වල වූ සඳුදා දැරිය මල්වර වූයේ නම් එහි සුබඵල අඩු වී යයි. චන්ද්‍රගණය වැනි දිනක මල්වර වීමද සුබඵල අඩුවීමකි. විවිධ බාධක කරදරවලට මැදිවන මෙවැන්නෝ සිය විවාහ දිවියේ කරදර ඇතිකර ගනිති.
පුර පක්ෂයේ චන්ද්‍ර හෝරාවෙන් මල්වරවීම ඉතාම සුබය. එවැනි තරුණියෝ සිය රූ සපුව අලංකාරව තබා ගනිති. අදහස් අතින් නිර්මාණශීලීය. සිතුවිලි අධික වේ. යහපත් විවාහ දිවියකට පිවිශ්ඨ වේ.
අඟහරුවාදා දින මල්වර වීම
කුජ ග්‍රහයාට අයත් අඟහරුවාදා දින මල්වරය එතරම් සුබ නැත. කුජ ග්‍රහයා ආත්මාර්ථකාමීය, ඉක්මන් කෝපය නිසා තමන්ට ලැබෙන්නට තිබෙන බොහෝ දේ නැතිකර ගනියි. මෙදින මල්වර වන යුවතියන්ද එකී ගති ප්‍රකට කරයි.
එහෙත් බලවත් උට්ඨාන වීර්යයෙන් යුක්ත වන මේ අය උත්සාහය නිසාම දියුණු වේ. නමුත් කෙතරම් මුදල් සැප සම්පත් මැද සිටියද සැපවිඳීමේ භාග්‍ය හීනවේ. තමාට හිමි වස්තුවෙන් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථා නොලැබේ. තමාට හිමි වස්තුවෙන් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථා නොලැබේ. රූප ශෝභාව දිනෙන් දින දියුණු වේ.
තරුණ වියේදීම රෝගාබාධි ඇති වේ. විශේෂයෙන් උෂ්ණාධික රෝගාබාධ වැඩි වශයෙන් ඇතිවීමට ඉඩ ඇත. බොහෝ විට ප්‍රේම සම්බන්ධයකට අනුව සිදුවන විවාහය හිතුවක්කාරයට වේ නම් එහි ප්‍රශ්න ඇති කර ගනියි. එහිදී බලවත් චිත්ත පීඩාවලට මැදිවන අතර දරුවන් වෙනුවෙන් දැඩිව ඇපකැප වී කටයුතු කිරීමට සිදුවේ. තනි තීරණ ක්‍රියාවට නැංවීම නිසාද සැමියා සමග ආරවුල් ඇති කර ගනියි.
බදාදා දින මල්වර වීම
ඉගෙනීමට මුල්තැන දෙන ඉතා බුද්ධිමත් ග්‍රහ මණ්ඩලයක් හිමි දිනයකි.මෙදවස මල්වර වූ දැරියන් කුමන දෙයක් ගැන වුවද හිත අවුල්කර නොගනී. සියල්ල සැහැල්ලුවෙන් සිතට ගෙන කටයුතු කරයි. නිරෝගීය. ඉගෙනුම් කටයුතුවලින් උසස් තත්ත්වයකට එන මොවුන් විවිධ ශාස්ත්‍රයන්ද හොඳින් ඉගෙන ගනියි. තම පවුලට යස ඉසුරු සම්පත් ලබාදෙන අතර පවුලේ සැමගේ ආශීර්වාදය මැද ජීවිතයේ ඉදිරිගමන යයි. සැමහට ත්‍යාගවන්ත වන අතර ආගම ධර්මයට ළැදිවේ.
බදාදා දින සිකුරු හෝරාවෙන් මල්වර වී නම් ළාබාල යෞවන වියේදීම ප්‍රේම සබඳතාවකට මැදිවේ. ප්‍රේමය පිළිබඳව අධිකව හැඟීම්බර වේ. පිනට දහමට ළැදිය. කුමර බඹසර සුරකින්නීය. යහපත් දූ දරුවන් ලබන හොඳ වාසනාවන්ත විවාහ දිවියකටද උරුමකම් කියන්නීය.
බ්‍රහස්පතින්දා දින මල්වර වීම
මෙදින මල්වර වන යුවතියන් වාසනාවන්තය. ඉගෙනීමට විශේෂ දක්ෂතාවන් දක්වයි. සෑම මොහොතකම පාහේ පිරිසිදු බව සහ ප්‍රියංකර බව රැකගැනීමට වෙහෙස වේ. බ්‍රහස්පතින්දා දින උදේ කාලයේ මල්වර වන දැරියන් ගුරුගේ ගුරු හෝරාවෙන් ඉගෙනීමට දක්ෂ වන අතර වස්තු සම්පත් දියුණුවෙන් සහ රැකී රක්ෂා කටයුතුවලින් විශේෂ ඵල ලබාගනියි. වැඩිහිටියන්ට කීකරු වන මේ යුවතියන් සාමයට සමගියට මුල්තැන දෙන අතර පරම්පරාගත කුල සිරිත් ගරු කරයි.
මනරම් නිවසකට හිමිකම් කියන මොවුන් යානවාහන සැප සම්පත් ලබයි. දූගී පවුලක උපත ලැබුවද එකී වාසනාවන්ට හිමිකම් කීමට බ්‍රහස්පතින්දා ගුරු හෝරාවෙන් ගුරු බලවත්ව සිටින අවස්ථාවක මල්වර වූ යුවතියන් ස්ථිරවම භාග්‍ය ලබයි.
සමාජයෙන් පවා ගරු බුහුමන් පුද සත්කාර ලබන බ්‍රහස්පතින්දා දින මල්වර වන යුවතියන් විවාහය සඳහා සාමය සමගිය අගයන සෙනෙහෙබර වැදගත් සහකරුවකු ලබයි. බොහො ්විට ගුරු පරපුරට නෑකම් කියන රැකියාවක නියුතු වන මොවුන් මහාචාර්ය හෝ උගත් කථිකාචාර්යවරියන් වී විශාල සේවයක් කරයි.
එහෙත් ගුරු දින පාප දෘෂ්ඨින්ට අනුව ඇති හෝරාවනට අසුවී මල්වරයට පාත්‍රවන යුවතියන් හට ඉහත සඳහන් සුබඵල හෝ වාසනාවන් අහිමි වේ. විවාහ දිවියේ ගැටලු, රෝගාබාධ තත්ත්වයන් තුළ සිරවී පීඩා විඳින මොවුන් නිතර ප්‍රශ්න මැද දවස ගෙවයි.
සිකුරාදා දින මල්වර වීම
සිකුරුට හිමි සිකුරාදා දින මල්වර වන යුවතියන්ට සිකුරුගේ ස්වාභාවික ගුණාංග ඒ අයුරින්ම හිමිවේ. සතියේ දින හත ගෙන බලද්දී වැඩිම සැප සම්පත් ලබාගැනීමේ භාග්‍යය උදාකර ගන්නේ සිකුරාදා මල්වරය ලද යුවතියන්ය. බලවත් සිකුරුගෙන් සිකුරු හෝරාවෙන් මල්වරයට පත්වන යුවතියන්ගේ රූ සපුව සහ අඟපසඟ සොඳුරුව වැඩෙයි. දුටු සැණින් නැවත හැරී බලන්නට සිතෙන තරමට මේ අය සුරූපිනියන් වේ. බොහෝ විට රූප සුන්දරියන් ලෙස කිරුළු පළඳින්නේද සිකුරු හෝරාවෙන් මල්වර වූ යුවතියන්ය.
සිකුරු කලාවට අධිපති ග්‍රහයකු බැවින් එකී හෝරාවෙන් මල්වර වූ අය කලාකාමී වේ. තෝරාගත් මාධ්‍යයට අනුව එම ශාස්ත්‍රය ගැඹුරට හදාරමින් සංගීතයට හෝ රඟපෑමට නැඹුරුවේ. සංවේදී නිසා දුක දරා ගැනීමට අපහසු වේ. ඉකිමනින් පෙම් සබඳහා කෙරෙහි යොමු වේ. අන් අය තමන් වෙත ආකර්ශණය කර ගැනීමට දක්ෂ වේ.
එමෙන්ම සිකුරාදා දින සිකුරු සමග අඟහරු සංයෝගව සිටියදී මල්වු වූවෝ විවාහයට පෙර තම පිවිතුරුබව කෙලෙසා ගනිති. එවැන්නන්ගේ උත්පත්ති කේන්දරය දුර්වල නම් විවාහයෙන් පසුවද අයථා සම්බන්ධතාවලට පැටලේ.
නමුත් සිකුරාදා බලවත්ව සිටිනා මොහොතක උදෑසන නිදි යහනේදී මල්වර වී නම් විවාහය සඳහා ඉතාම ධනවත් සහකරුවෙකු ලබන මොවුන් මුළු ජීවිත කාලයටම වාසනාව සතුට උදාකර ගනියි. මෙහිදී සිකුරු පාපීන් සමග සංයෝග වී නොසිටීම වඩා වැදගත් වේ.
සෙනසුරාදා දින මල්වර වීම
මේ දුකට අධිපති සෙනසුරුගේ දිනයයි. මෙදින ආගමික කටුතු සඳහා මිසි වෙනත් සුබ දෑ සඳහා යොදා නොගැනේ. කොහොමත් ජ්‍යෙතිෂයට අනුව සෙනසුරාදා අසුබය. මෙදින මල්වර වන යුවතියන් පවුල අනිෂ්ඨ ප්‍රතිඵල ගෙන දේ. මල්වර සුබඵල හීන කරයි. ශරීරය හැඩකාරව නොවැඩේ. මුහුණේ ලප කැළැල් ඇති වන අතර රූප සෝබාව හීනවේ. පහසුවෙන් කිසිවක් ලබාගත නොහැක. මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. කිපෙන සුළුය. තම ඇඳුම් පැළඳුම් ගැන සැලකිල්ලක් නොදක්වන මේ අය තවත් අයකු ලස්සනට අඳනවා පළඳිනවාට අකමැතියි. අවිශ්වාසය සහ සැකය මත සිටින මොවුන් මිත්‍රශීලීන් හා ගැටුම් ඇති කරගනියි. මව්පියන්ට මෙන්ම අන් අයටද උපකාර කරන්නේ වාසි තකාය. නිතර ණයතුරුස්වලටද මැදිවේ.
සෙනසුරාදාව අමාවක දිනයක් වුවහොත් එම මල්වරය වඩාත්ම අසුබ ඵල වේ. චන්ද්‍රයා බලවත්ව සිටින මොහොතක මල්වර වුවහොත් අසුබ ඵල අඩුවේ. විවාහය සඳහා නොගැළපෙන අය ලබන මෙම යුවතියන් තම දරුවන්ද කරදරයක් කොට සලකයි. නිතර සිත දූෂ්‍ය කර ගනියි.
ඉරිදා දින මල්වර වීම
ග්‍රහ මණ්ඩලයේ රජු වශයෙන් හඳුන්වනු ලබන මේ රවීගේ දිනය ඉතාම බලවත්ය. සතියේ පළමු දිනය වන මෙය සුබ කටයුතු සඳහා යොදා නොගත්තද මල්වරය වැනි සොබාදහමට අනුකූලව සිදුවන සිදුවීම්වලදී දිනය, වේලාව අපට වුවමනා හැටියට යොදා ගත නොහැකිය. ඒ නිසා රවීගේ දිනයේ මල්වරයට පත් වන දැරියන්ගේ පලාඵල කෙසේදැයි විමසා බලමු.
රවීගේ උච්ච බල කාලය තුළ මෙම මල්වරය සිදුවුවහොත් ඒ අය දියුණුවට පත්වේ. එමෙන්ම මෙම මල්වරය පියකාරක ග්‍රහයාගේ බලවත්ව පිහිටන බැවින් පියාට සුබඵල සහ රැකියා දියුණුව ඇති කරයි. අලංකාවර ජීවත්වීමට ප්‍රියකරන මේ අය ඇඳුම් පැළැඳුම් ද අලංකාරව භාවිත කරන අතර වටපිටාවද ලස්සනට තබා ගනියි.
ගෞරවය සහ නම්බුනාමය ගැන නිතර සිතන මොවුන් යම් තැන ප්‍රධානත්වය ගැනීමට සහ යම් යම් දේ පාලනය කිරීමට කැමැත්තක් දක්වයි. විවාහයට බැඳීමකට පත්වන තුරු පිවිතුරු බව ආරක්ෂා කර ගැනීමටත් මෙම යුවතියන් නුවණක්කාර වේ. දිනෙන් දින සුන්දරත්වයට පත්වන රූ සපුවකින් යුතු මෙම තරුණියෝ විවාහයෙන් පසුද සිය පතිවර ආරක්ෂා කර ගනිති. විවාහය සඳහා ද මේ අයට කඩවසම් ගුණ නැණයෙන් අනූන කරුණාවන්ත සහකරුවන් හිමිවේ.
එමෙන්ම ඉරිදා උදේ කාලය රවීගේ හෝරාවෙන් මල්වර වුවහොත් සුබඵල වැඩි වේ. දහවල හෝ සවස් කාලයේ සුබඵල අඩුවේ. රවිගේ හෝරාවෙන් රාත්‍රී කාලයට මල්වර වන අය අහංකාර උඩඟු පැවැතුමෙන් යුක්ත වන අතර ඔවුන්ගේ කීකරුකමද අඩුවේ.