ඉඩකඩම් දේපල සම්බන්ද කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයක්. ඥාතීන් සමග ගැටළු මතුවිය හැකි නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සවස් කාලය වැයවෙයි. ආදරය පිළිබද බලාපොරොත්තු ඇතිවෙයි.
වෘශභ ලග්නය
ඥාතියෙකුගේ හෝ හිතමිතුරෙකුගේ වැඩක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ධන තත්වය වර්ධනය කරගැනීමට උනන්දුවෙයි. සවස් කාලයේ දී නිවසේ නඩත්තු කටයුත්තක යෙදෙයි. අඩු කාලයක් නිදා ගැනීමට සිදුවෙයි.
මිථූන ලග්නය
දවස ආරම්භයේදී වැඩ වැඩි බවක් දැනෙයි. සවස් වන විට රැකියාවේ වැඩකටයුතු වලින් නිදහසක් ලැඛෙයි. සවස් කාලයේදී මිතුරෙකුට හෝ ඥාතියෙකුට සහය වීමට සිදුවෙයි. ඔබේ වැඩ කටයුතු පිළිබද ප්‍රශංසා ලැඛෙයි.
කටක ලග්නය
ප්‍රීතිමත් උදෑසනක්. අනුකම්පා සහගතව වැඩ කරයි. හිත මිතුරන් අමුත්තන් මුණ ගැසෙයි. සවස් කාලය වනවිට වැඩ කටයුතු අධික වෙයි. සවස් කාලයේ කරන මුදල් ආයෝජනය කිරීම් පිළිබදව සැලකිලිමත් වන්න.
සිංහ ලග්නය
භාණ්ඩ මිලදී ගැනීමට වැඩියෙන් මුදල් වැයවිය හැකි දිනයක්. සැලකිලිමත්ව කටයුතු කල යුතු දිනයක්. සවස් කාලයේදී නෑදෑයන් හිත මිතුරන් නිවසට පැමිණෙයි. ගේ දොර පිරිසිදු කිරීමට අලංකාර කිරීමට උනන්දු වෙයි.
කන්‍ය ලග්නය
උදෑසන කාලයේ කරන ගණුදෙනු වලින් වාසි ලැඛෙයි. හිත මිතුරන්ගෙන් උපකාර ලැඛෙයි. සවස් කාලය වන විට මුදල් වැයවීම වැඩි වෙයි. සවස් කාලයේදී කරන කටයුත්තකදී සිදුවන අතපසුවීමක් නිසා පාඩු සිදුවිය හැක.
තුලා ලග්නය
කලක සිට සිතේ පවතින බලාපොරොත්තුවක් ඉටු වෙයි. රැකියාවේදී අලූත් අත්දැකීම් වලට මුහුණදීමට සිදුවෙයි. සවස් කාලයේ කරන ගණුදෙනු වලින් ලාභ ලැඛෙයි. ප්‍රීතිමත් සවස් කාලයක් ගතකිරීමට හැකිවෙයි.
වෘශ්චික ලග්නය
සංස්කෘතික කටයුතු කෙරෙහි උනන්දුවන දිනයක්. රැකියා ස්ථානයේ ඉහල නිළධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපැදීමට සිදුවෙයි. සවස් කාලය තුල සංග්‍රහ කටයුත්තකට සහභාගීවීමට සිදුවෙයි. සවස් කාලයේදී වැදගත් පුද්ගලයන් මුණගැසෙයි.
ධනු ලග්නය
ගමන් බිමන් වලදී ප්‍රමාද වීම් සිදුවෙයි. සිතේ පවතින අසහනකාරී බව සවස් කාලය වනවිට මගහැරී යයි. සවස් කාලයේදී වැඩිහිටියෙකුගේ හෝ නිළධාරියෙකුගේ උපදෙස් ලැඛෙයි. ජ්‍යෝතිෂය ගුප්ත විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි උනන්දුවක් දක්වයි.
මකර ලග්නය
සමාජයේ ඇසුරු කරන අය අතරින් හොද පිළිගැනීමක් හිමිවෙයි. ප්‍රේම සම්බන්දතා වර්ධනය වෙයි. සවස් කාලය වනවිට සිතට තරමක දුකක් දැනෙන සිදුවීමක් සිදුවෙයි. සවස් කාලයේදී ආහාර මාර්ගයේ අසනීප තත්වයක් මතුවිය.
කුම්භ ලග්නය
බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත දවසක්. අසනීප තත්ව ඇතොත් ඒවා සනීප වී සෞඛ්‍යය තත්වය යහපත් අතට හැරෙයි. සවස් කාලය තුලදී හිත මිතුරන් සමග සතුටු වීමට අවස්ථාව සැලසෙයි. ආදරය පිළිබද අදහස් සඵල වෙයි.
මීන ලග්නය
දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කැප වීමට සිදුවෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට වැඩ වැඩිවන දිනයක්. සවස් කාලය වනවිට ආර්ථීක තත්වය යහපත්වෙයි. රෝග වලින් ආරක්ෂාවීමට අවශ්‍ය කටයුතු සිදුකරයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

