අලූතින් වගා කටයුතු කිරීමට ඉඩකඩම් වාහන මිලදී ගැනීමට සොයා බලයි. නිවසේ වැඩ කටයුතු පිළිවෙළකට පවත්වා ගැනීමට උනන්දු වෙයි. නෑදෑයන් සමග පවත්වන ගණුදෙනු වලදී කල්පනාකාරී වන්න. නැතහොත් සිත් අමනාපකම් ඇතිවෙයි. අඩු කාලයක් නිදා ගැනීමට සිදු වෙයි.
වෘශභ ලග්නය
ඔබේ හැකියාවන් දක්ෂතාවයන් ගැන කතාබහට පැසසුමට ලක්වෙයි. හිත මිතුරන්ගේ වැඩ කටයුතු වලට උපකාර කරන දවසක්. අලූත් ආදායම් මාර්ග ඇති කර ගැනීමට උනන්දුවෙන් වැඩ කරයි. කලාත්මක කටයුතු වල නියුතු අයට වාසි අත්වෙයි.
මිථූන ලග්නය
වියදම වැඩි වුවත් මුදල් ලැබීම් ප්‍රමාද වෙයි. ඔබ සතු දෑ විකිණීමට සුදුසු දවසක් නොවෙයි. වෙනත් කෙනෙකු ලවා කරවාගත හැකි වැඩක් ඔබටම කිරීමට සිදුවෙයි. තරමක අවිවේකී බවක් දැනෙයි. ආහාර රටාව වෙනස් වෙයි. පරිහරණය කරන භාණ්ඩ ඉක්මනින් විනාශ විය හැකි නිසා ප්‍රවේශම් සහගත වන්න.
කටක ලග්නය
අනුකම්පා සහගතව කරුණාවන්තව කටයුතු කරන දවසක්. ගේ දොර පිරිසිදු කරගැනීමට අලංකාර කිරීමට උනන්දුවන දවසක්. හිත මිතුරන් ඔබේ නිවසට පැමිණෙයි. පුද්ගලික වැඩ කටයුතු ගැන වැඩි උනන්දුවකින් වැඩ කරයි.
සිංහ ලග්නය
අතමිට තිඛෙන මුදල් ඉතා ඉක්මනින් වැයවන දවසක් නිසා වියදම් පාලනය කිරීමට සිතට ගන්න. අතපසු හෝ අත් වැරදීම් නිසා පාඩු සිදුවෙයි. ඇදුම් පැළදුම් ඉක්මනට අපිරිසිදු වෙයි. කැඩුණු බිදුණු දෑ අලූත් කිරීමට සිදුවෙයි.
කන්‍ය ලග්නය
හිත මිතුරන් හමුවෙයි. ඔවුන් සමග විනෝද වීමට අවස්ථාව සැලසෙයි. ප්‍රමාද වූ ගණුදෙනුවක් ලැඛෙයි. මිල මුදල් ලැබී අතමිට සරුවන දවසක්. නෑදෑයෙකුගෙන් හෝ මිතුරෙකුගෙන් ඔබට උපකාර ලැඛෙයි. පවුලේ සුහදතාවය සහජීවනය වර්ධනය වෙයි.
තුලා ලග්නය
රැකියාවේ වැඩ කටයුතු වලින් තරමක නිදහසක් ලැඛෙන දවසක්. තම වැඩිහිටියන්ට මව්පියන්ට උපකාර කිරීමට ඔවුන්ගෙන් ආශිර්වාද ලැබීමට හැකිවෙයි. කලක සිට සැළසුම් කල අලූත් වැඩක් ආරම්භ කරන්න හැකිවෙයි.
වෘශ්චික ලග්නය
ආගම දහම පිළිබද සිතන දවසක්. ආගමික ස්ථානයකට යෑමට හෝ ආගමික උත්සවයකට සහභාගී වීමට ලැඛෙයි. ඔබේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ආගමික නායකයන්ගෙන් වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැඛෙයි. විදේශ ගත අය සමග සම්බන්ධතා ඇතිවෙයි.
ධනු ලග්නය
දුර බැහැර ගමන් යෙදෙයි. ගමන් බිමන් වලදී මගතොට රස්තියාදුවීම් ඇතිවෙයි. සිතට අසහනකාරී සිතුවිලි ගලා එයි. මානසික සමතුලිත තාවය බිද වැටෙයි. බලාපොරොත්තු නොවූ මුදල් වියදම් යෙදෙයි.
මකර ලග්නය
සහකරු සහකාරිය සමග පවතින සම්බන්දතා වර්ධනය වෙයි. පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට නිදහසේ කතාබහ කිරීමට හමුවීමට අවස්ථාව ලැඛෙයි. අවිවාහක අය සදහා ගැලපෙන විවාහ මංගල යෝජනා ලැඛෙන දවසක්. නෑදෑ හිතවතුන් හමුවෙන දවසක්.
කුම්භ ලග්නය
කලක සිට සිතේ පැවති අරමුණක් සාර්ථක කර ගැනීමට ලැඛෙයි. අමනාපව සිටි අයෙක් යළිත් ඔබ සමග මිතුරු වෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා නිවාස වටපිටාව පිරිසිදු කර ගනියි.
මීන ලග්නය
අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවෙයි. දූ දරුවන් වෙනුවෙන් කාලය ගත කිරීමට ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලීමට සිදුවෙයි. විද්‍යාත්මක පර්යේෂණ වල නිරත අයට සැලකිය යුතු වැඩ කොටසක් නිමකර ගැනීමට හැකිවෙයි. කී්‍රඩා කටයුතු කෙරෙහි උනන්දුවන දවසක්.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

