අද දවස ඔබට කොහොමද? 2015-01-06


මේෂ ලග්නය

ගේ දොර පිළිවෙලකට පවත්වා ගැනීමට වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා ඉක්මනින් කෝපවන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු  කරන්න. දේපල සම්බන්ධව ගැටළු මතුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. නෑදෑයන් සමග ගණුදෙනු කිරීමේදී  ප්‍රවේශමෙන් වැඩ කරන්න.

වෘශභ ලග්නය

අලූත් ආදායම් මාර්ග ඇතිකර ගැනීමට උනන්දුවෙන් වැඩ කරයි. හිත මිතුරන්ට උපකාර කිරීමට සිදුවෙයි. ඔබේ වැඩකටයුතු පිළිබදව හොද ඇගයීමක් ලැඛෙයි. සහජ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලැඛෙයි.

මිථූන ලග්නය

වෙනත් අයෙකු වෙනුවෙන් වැඩ ආවරණය කිරීමට සිදුවිය හැකියි. වැඩ වැඩි නිසා ආහාර ගැනීමට පවා ප්‍රමාද විය හැක. ආදායම් ලැබීම් වලට බාධා ඇතිවෙයි. පරිහරණය කරන භාණ්ඩ පහසුවෙන් කැඩී බිදී යාහැකි නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

කටක ලග්නය

අද ඔබට සතුටු දායක දිනයක්. කාට හෝ උපකාරයක් කිරීමට සිදුවෙයි. නෑදෑයන් හිතමිතුරන් සමග සතුටු වීමට අවස්ථාවක් උදාවෙයි. රූපලාවන්‍ය හා ඇදුම් පැළදුම් කෙරෙහි උනන්දුවෙයි.

සිංහ ලග්නය

මිලදී ගැනීම් සදහා වටිනාකමට වඩා වැඩි මුදල් ගෙවීමට සිදුවෙයි. බිල්පත් ගෙවීම් ණය පියවීම් සදහා මුදල් වැයවෙයි. වංචා කරුවන්ගෙන්  ප්‍රවේශම් වීමට වගබලා ගත යුතුය. මුදල් පරිහරණය කිරීමේදී වැරදීම් නිසා පාඩු සිදුවිය හැකියි.

කන්‍ය ලග්නය

නෑදෑ හිත මිතුරන්ගෙන් උපකාර ලැඛෙන දවසක්. නව ගණුදෙනු කරුවන් හිතවතුන් හදුනාගැනීමට හැකිවෙයි. වෙළද ව්‍යාපාර වලින් හොද ලාභ ලැඛෙයි. කෘෂි කර්මාන්තයේ නිරතවූවන්ට හොද පලදාවක් නෙලා ගත හැකි වෙයි.

තුලා ලග්නය

රැකියා කටයුතු වල ප්‍රගතියක් ඇතිවන දවසක්. උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට අවස්ථාව ලැඛෙයි. ස්වයං රැකියාවල නිරතවූවන්ට පැහැදිලි දියුණුවක් අත්වෙයි. මව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන දවසක්.

වෘශ්චික ලග්නය

පිට පලාතක සිටින ඥාතියෙකු හෝ මිතුරෙකු සමග සබදතා පවත්වයි. ඔබේ වැඩ කටයුතු කෙරෙහි වැඩිහිටියන්ගේ අවධානය යොමුවෙයි. ආගමික ස්ථානයකට යාමට හෝ ආගමික උත්සවයකට සහභාගීවීමට සිදුවෙයි. නීතිමය ගැටළු මතුවන දවසක්.

ධනු ලග්නය

දුරබැහැර ගමන් යෙදුනද ඒවා තුලදී එතරම් සුවපහසුවක් නොලැඛෙයි. අනපේක්ෂිත ලෙස මුදල් වැය වෙයි. සිතට අවිවේකී බවක් දැනෙයි. බඩේ අසනීප ඇතිවෙන දිනයක්.

මකර ලග්නය

පවුලේ සමගිය  වර්ධනය වන දවසක්. සමාජයේ වැඩි පිරිසක් සමග සුහදව වැඩ  කිරීමට ලැඛෙයි. පෙම්වතුන් සහ පෙම්වතියන් හට සතුටින් කාලය ගත කල හැකි දිනයක්. අවිවාහක අයට ගැලපෙන මංගල යොජනා ලැබෙයි.

කුම්භ ලග්නය

කලක සිට සිතේ පැවති අදහසක් ඉටුකර ගැනීමට හැකිවන දවසක්. සතුරු කරදර වලින් නිදහස් වී ජයග්‍රහණ හිමිවෙයි. ද්‍රව්‍යමය ලාභ ලැඛෙයි. සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි.

මීන ලග්නය

පර්යේෂණ කටයුතු වල නියුතු අයට සාර්ථක ප්‍රතිඵල ලැඛෙන දවසක්. අධ්‍යාපනය ලබන අයට විෂය කරුණු තේරුම් ගැනීමට වෙහෙසීමට සිදුවෙයි. ආදරය පිළිබදව අලූත් අදහස් අත්වෙයි. කී්‍රඩාව කෙරෙහි සිත් යොමුවන දවසක්.





සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)




back to top