උදෑසන කාලයේදී කාගේත් යහපත ප්‍රාර්ථනා කරයි. නැවුම් බවකින් යුතුව වැඩකටයුතු වල නිරත වෙයි. සවස් වන විට වැඩකටයුතු තරමක් වැඩිවෙයි. එදිනෙදා වැඩ පිළිවලේ වෙනසක් ඇතිවෙයි.
වෘෂභ ලග්නය
අනෙක් අයගේ සතුට වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිදු වන දවසක්. උදෑසන කාලයේදී හිතමිතුරන් සමග
සතුටු වීමට අවස්ථාව ලැබෙයි. සුහදශීලීව අනුකම්පා සහගතව කටයුතු කරන දවසක්. අළුත් බඩු භාහිරාදිය මිලදී ගනී.
මිථුන ලග්නය
උදෑසන කාලයේ කරන ගණූදෙනු වලින් ලාභ සැලසෙයි. නෑදෑ හිතමිතුරන් සමග වෙනදාට වඩා සුහදශීලීව කටයුතු කරන දවසක්. සැපපහසු භාණ්ඩ මිලදී ගනී. සවස් කාලය වන විට වියදම තරමක් වැඩිවෙයි.
කටක ලග්නය
රැකියා ස්ථානයේ වෙනසක් ඇතිවන දවසක්. වැඩිහිටියන් ගැන සිහිපත් වේවි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන සොයා බලයි. සවස් කාලයේදී හිතමිතුරන් සමග සතුටු වීමට අවස්ථාවන් ලැබේ. නිවසේ සුව පහසුව වර්ධනය කරගන්නා දවසක්.
සිංහ ලග්නය
ආගම දහම අනුවම කටයුතු කරන දවසක්. ආධ්‍යාත්මික කටයුතු වලට මුල්තැනක් දෙයි. වැඩිහිටියන්ගේ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා ලැබෙයි. රැකියා පරිසරයේ වෙනසක් දකින්නට ලැබෙයි.
කන්‍යා ලග්නය
සිතේ තියෙන ගැටළු වලට සහනයක් ලැබෙයි. සවස් කාලයේදී ආගමික වැඩ කටයුතු වල නිරතවෙයි. ආයතන ප්‍රධානියෙකුගේ ආගමික නායකයන්ගේ උපදෙස් ලැබෙයි. ඒ අනුව කටයුතු කරයි. පිට පළාත් වල සිටින නෑදෑයන් සමග ගණුදෙනු කරයි.
තුලා ලග්නය
උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට ලැබෙන දවසක්. ප්‍රිය කරන ආහාර පාන ලැබෙයි. සවස් කාලයේදී දුර බැහැර ගමන් බිමන් යෙදෙයි. වියදම තරමක් වැඩිවෙයි.
වෘශ්චික ලග්නය
පැරණි අමනාපකම් මගහැරී යයි. අළුතෙන් හිත වත්කම් ආරම්භ වෙයි. ද්‍රව්‍යමය ලාභ ලැබෙයි. සවස් කාලයේදී උදරයේ අසනීප ඇති වන්න පුළුවන්.
ධනු ලග්නය
කලාත්මක නැවුම් අදහස් ඇතිවන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල නිරත අයට යහපත් දවසක්. සවස් කාලය වන විට විවිධ කටයුතු වලින් ජයග්‍රහන ලැබෙයි.
මකර ලග්නය
ගෙදොර දොර පිළිවලකට පවත්වා ගැනීමට අළුත් වැඩියා කිරීමට උනන්දුවන දවසක්. ඉඩකඩම් දේපල ගැන සොයා බලයි. සිතේ ලැවති සැක දුරු වෙයි. දූ දරැවන්ගේ සතුට වෙනුවෙන් සවස් කාලයේ කටයුතු කරයි.
කුම්භ ලග්නය
නෑදෑ හිතවතුන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කරන දවසක්. ප්‍රශංසාවන් ලැබේවි. ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන දවසක්. සවස් කාලය තුල ගේදොර කටයුතු වෙනුවෙන් වෙහෙස වෙයි.
මීන ලග්නය
වැඩ කටයුතු වලින් තරමක නිදහසක් ලැබෙන දවසක්. සවස් කාලයේදී හිතවතුන්ට නෑදෑයන්ට උපකාර කරයි. අළුත් ආර්ථික සැළසුමක් අනුව කටයුතු කරන දවසක්. කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු වල නිරත වන දවසක්.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

