2015 වසර රටට කොහොමද?

වසරේ මුල් කාලය තුල ජනතාව ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දක්වයි. නමුත් වසරේ මැද භාගයෙන් පසුව එම නුඹුරුතාවය උනන්දුව අඩුවී යයි. වසරේ මුල් කාලය තුල රටතුල කැපීපෙනෙන සංවර්ධනයක් අපේක්ෂා කල නොහැක. 

වසරේ මුල් කාලය තුල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු ඇති වුවද වසර මැද භාගයෙන් පසු ඒවා මගහැරී යයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවන කාලයකි. පූජ්‍ය පක්ෂයේ සහ උගත් විද්වත් පිරිස් කෙරෙහි දක්වන අවධානය වසරේ මැද භාගයෙන් පසුව අඩු වෙයි. වසරේ මුල් කාලය තුල පුද්ගල ආදායම් යහපත් වුවද වසරේ මැද භාගයෙන් පසු වියදම් ඉහලයාමක් පෙන්වයි.  

රටතුල වඩාත් කතා බහට ලක්වූ ආගමික නායකයන් කිහිප පලකගේ නිහ`ඩතාවක් ඇතිවෙයි. ආගමේ නාමයෙන් බිහිවූ සංවිධාන පසුගාමී වන කාලයකි. මිනිසුන් කෙළවර නොවන තරගයක නිරතවන අතර සංහිදියාවට සහජීවනය තුරන්වන කාලයකි. 


දේශපාලනමය වෙනස්කම් සිදුවන අතර බලයේ සිටින ඇතැම් දේශපාලනඥයන්ගේ බල කි‍්‍රයාකාරකම් සහ ඔවුන්ගේ තත්වය පහත වැටීම් සිදුවිය හැක. වසරේ මැද භාගයෙන් පසුව කෘෂිකාර්මික කටයුතුවල සහ සත්ව පාලනයේ දියුණුවක් ඇතිවෙයි. 

සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
back to top