අද දවස ඔබට කොහමද? 2014-12-19

මේශ ලග්නය
තමාගේ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින්  වැඩකටයුතු කරන දවසක්. තරගකාරීව වැඩකටයුතු කරාවී. හිතමිතුරන් හමුවන අවස්ථාවන්ට සහභාගී වීමට ලැඛෙයි. සවස් කාලය වන විට සිතට තරමක අසහනකාරී බවක් දැනෙයි. රාතී්‍ර කාලයේදී බඩේ අසනීප තත්වයන් ඇතිවිය හැකියි. 



වෘෂභ ලග්නය

උත්සහයෙන් වැඩකටයුතු කරන නිසා ප්‍රමාද වූ වැඩකටයුතු නිමාකර ගතහැකි දවසක්. සතුරු කරදර මගහැරී යන දවසක්. සවස් කාලය වන විට පෙම්වතුන්ට පෙම්වතියන්ට නිදහසේ හමුවීමට අවස්ථාවන් ලැඛෙයි. රාතී්‍ර කාලයේදී උත්සව අවස්ථාවකට සහභාගී වීමට ලැඛෙයි. රසවත් ආහාරපාන ලැඛෙයි. 



මිථුන ලග්නය

උදෑසන කාලයේදී දූ දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. විද්‍යා විෂයන් ඉගෙන ගන්න අයට තරමක් සංකීර්ණ දෑ ඉගෙන ගැනීමට සිදුවෙයි. සවස් කාලය තුල වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීමට උනන්දු වේවි. 



කටක ලග්නය

උදෑසන කාලයේදී නිවාස වාහන අළුත් වැඩියා කිරීම් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. නෑදෑයින් සමග ගැටළු ඇතිවන්නට පුළුවන්. සවස් කාලය වන විට සිතේ පැවති සැකයක් දුරුවී යයි. සවස් කාලයේදී හෝ රාතී්‍ර කාලයේදී දූ දරුවන් සමග කාලය ගත කිරීමට ලැඛෙයි. 



සිංහ ලග්නය

උදෑසන කාලය තුල ඔබේ හොද නම පැතිරෙයි. පැසසුම් ලැඛෙන දවසක්. නෑදෑයින්ගේ හෝ හිතවතුන්ගේ වැඩ කටයුතු වලට උදව් කිරීමට සිදුවන දවසක්. රාති්‍රයේදී නින්දට බාධාවන් ඇතිවේ. 



කන්‍යා ලග්නය 

දවස ආරම්භයේදී වැඩකටයුතු වැඩි බවක් දැනේ නමුත් සවස් වන විට එම තත්වයෙන් නිදහස් වන්නට පුළුවන්. පැරණි හෝ කැඩී බිදී ගිය දෑ අළුත් කිරීමට සිදුවෙයි. සවස් කාලයේ දී අළුත් ආදායම් මාර්ග කෙරෙහි සිත් යොමුවෙයි. හිතවතුන්ගේ වැඩක් වෙනුවෙන් සවස් කාලය කැප කිරීමට සිදුවෙයි. 



තුලා ලග්නය

ප්‍රීතිමත් ලෙෂ දවස ආරම්භ කිරීමට හැකිවෙයි. හිතමිතුරන් ඥාතීන් සමග විනෝද වීමට ලැඛෙයි. උදය කාලය තුලදී අලංකාර දෑ මිලදී ගැනීමට යොමුවෙයි. සවස් වන විට කාර්යබහුල බවක් දැනෙයි. පැවරෙන වැඩකටයුතු නිම කිරීමට වෙහෙසීමට සිදුවෙයි.



වෘශ්චික ලග්නය

උදෑසන කාලයේ මුදල් වියදම වැඩි බවක් දැනේ. සවස් කාලය යහපත් බිල්පත් ගෙවීම් ණය ගෙවීම් උදය කාලය තුල යෙදෙන්නට පුළුවන්. සවස් කාලයේදී අළුත් ආභරණ මිලදී ගැනීමට රූපලාවන්‍ය කටයුතුවල නිරත වීමට උනන්දුවක් දක්වයි. සවස් කාලයේදී හෝ රාති්‍රයේදී හිතමිතුරන් නිවසට පැමිණෙයි. 



ධනු ලග්නය

උදෑසන කාලය තුල කරන ගණුදෙනු වලින් වඩාත් ලාභ ලැඛෙයි. ප්‍රමාද වූ මුදල් අතට ලැඛෙයි. හිතමිතුරන්ගෙන් උපකාර ලැඛෙන දවසක්. නමුත් සවස් කාලය වන විට බලාපොරොත්තු නොවූ ලෙෂ මුදල් වැය වන්නට පුළුවන්. සවස් කාලය තුල කරන ගණුදෙනු වලින් එතරම් ලාභ නොලැඛෙයි. 



මකර ලග්නය

අළුත් වැඩකටයුතු ආරම්භ කිරීමට හැකිවන දවසක්. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වැඩකටයුතු වලට උපකාර කරන දවසක්. ප්‍රමාද වූ මුදලක් අතට ලැඛෙයි. රාතී්‍ර කාලයේදී පවුලේ අය සමග එක්ව සතුටු වීමට ලැඛෙයි. 


කුම්භ ලග්නය
උදෑසන කාලය තුලදී ආගමික කටයුතු වලට ආධ්‍යාත්මික කටයුතු වලට උනන්දු වෙයි. පැරණි නෑදෑ හිතවත්කම් අළුත් වන දවසක්. සවස් කාලයේදී සංග්‍රහයක් ලැඛෙයි. සවස් කාලය වන විට ප්‍රමාද වූ වැඩක් නිම කර ගැනීමට හැකිවෙයි. 



මීන ලග්නය 

උදෑසන කාලය තුලදී දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. නමුත් ඒවායින් එතරම් ප්‍රයෝජන නොලැඛෙයි. සවස් කාලයේදී ආගමික කටයුත්තකට

- See more at: http://offair.nethfm.com/article/10615#sthash.6LZIp7kC.dpuf
back to top