අද දවස ඔබට කොහොමද? 2014-12-22

මේෂ ලග්නය

පූජ්‍ය පක්ෂයෙන් හෝ වැඩිහිටියෙකුගෙන් උපදෙසක් ලැබෙයි. පිට පළාතක සිටින නෑදෑයෙකු හෝ මිතුරෙකු සමග පවතින හිතවත්කමක් අලූත් වෙයි. පැරණි තොරතුරු සොයා බැලීමට පරණ කථා ඇසීමට ආසා කරන දවසක්. ආගමික කටයුතු කෙරෙහි වැඩි ලැදියාවක් දක්වයි. 

වෘෂභ ලග්නය

දුර බැහැර ගමන් බිමන් යෙදෙන්නට පුළුවන්. නමුත් ප‍්‍රමාද වීම් බාධා ඇතිවේ. බලාපොරොත්තු නොවූ ලෙස මුදල් වැයවෙයි. සිතට අවිවේකී දවසක්. තමන් ප‍්‍රිය නොකරන අය සමග කටයුතු කිරීමට සිදුවෙයි.  


මිථුන ලග්නය

ආදර සබදතා අළුත් වන දවසක්. පෙම්වතුන්ට පෙම්වතියන්ට වාසනාවන්ත දවසක්. පවුලේ සමගිය වර්ධනය වෙයි. අවිවාහක අයට  විවාහ යෝජනා ලැබෙයි. වාද විවාද වලට ප‍්‍රිය කරයි. ඒවාට ඇහුම්කන් දෙයි. සමාජ සේවා කටයුතු වලට උනන්දු වෙයි. 

කටක ලග්නය

කලක් සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුකර ගත හැකි  දවසක්.  ලෙඩ රෝග පිළිබදව කථාබහ කරයි. ලෙඩරෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගනී. කලක් තරහ වී සිටි අයෙක් ඔබ සමග මිතුරු වන්නට පුළුවන් දවසක්.  


සිංහ ලග්නය

කලාත්මක කටයුතු වල නිරත අයට යහපත් දවසක්. තම දූ දරුවන් සමග කාලය ගත කිරීමට ඔවුන්ගේ ඔනෑඑපාකම් ගැන සොයා බැලීමට අවස්ථාව ලැබෙන දවසක්. කී‍්‍රඩාව කෙරෙහි සිත් යොමු උනත් සිතේ සතුට තරමක් අඩුයි. 

කන්‍යා ලග්නය

තෑගි බෝග ලැබෙන වාසනාවන්ත දවසක්. අළුත් වාහන මිලදී ගැනීමට සිතෙයි. ඒවා පළිබද සොයා බලයි. ඉඩකඩම් නඩත්තු කිරීමට ඒවා ආරක්ෂා කර ගැනීමට වෙහෙස වීමට සිදුවෙයි. ගේ දොර පිරිසිදු කිරීමට පිළිවෙළකට පවත්වා ගැනීමට මහන්සි වීමට සිදුවෙයි.  

තුලා ලග්නය

අළුත් වැඩකටයුතු ආරම්භ කිරීමට හැකිවන දවසක්. ඉතා උනන්දුවෙන් වැඩකරන දවසක්. හිතමිතුරන් සමග ගමන් බිමන් යෙදෙයි. ඔබේ වැඩකටයුතු පිළිබදව හැකියාවන් පිළිබදව බොහෝ දෙනා යහපත් ආකාරයෙන් කතා බහ කරයි. 

වෘශ්චික ලග්නය

කලකට පසුව ඔබට නුහුරු  නුපුරුදු වැඩක් කිරීමට සිදුවන්නට පුළුවන්. වෙනත් අය කලයුතු දෑ ඔබටම කිරීමට සිදුවෙයි. ගණුදෙනු වලදී බුද්ධිමත්ව කටයුතු කරන්න. වැඩ අධික බවක් දැනෙන දවසක්. ධනය ලැබීම් පමාදයි. 

ධනු ලග්නය

ගේ දොර රෙදි පිළි පිරිසිදු කර ගැනීම සදහා වැඩියෙන් උනන්දුවන දවසක්. නෑදෑ හිතමිතුරන් සමග ගමන් බිමන් යෙදෙයි. සියලූ දෙනා පිළිබදව ඉතාමත් අනුකම්පා සහගතව සිතන දවසක්. කාට හෝ උපකාරයක් කරාවී. එතරම් නොවැදගත් සිදුවීමක් නිසා සිත් රිදීමක් ඇතිවන්නට පුළුවන්. 

මකර ලග්නය

මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම පිළිබදව එතරම් උනන්දු නොවන දවසක්. ප‍්‍රවේසම් සහගත නොවීම නිසා පරිහරණය කරන දෑ නැති වීමට ඉඩ තිබෙනවා. වංචා වලින් බේරීමට උනන්දුවන්න. කථාබහේ සිදුවන අඩුපාඩු නිසා ප‍්‍රශ්ණ ඇති වන්නට පුළුවන්. 


කුම්භ ලග්නය    

වාසනාවන්ත දවසක්. විවිධ ආකාරයේ වාසි ලැබෙන්නට පුළුවන්. ගොවිතැන් වලින් හොද ආදායමක් ලැබේවී. ස්වයං රැකියාවල නියුතු අයට යහපත් දවසක්. නෑදෑ හිතමිතුරන් ඔබ සොයා ඒවි. හොද සමාජ ඇසුරක් ලැබෙයි.  

මීන ලග්නය

අළුත් වැඩ කටයුතු ආරම්භ කල හැකි දවසක්. සමාජයේ හොද පිළිගැනීමක් ඇති පිිරිසක්  ඇසුරු කිරීමට ලැබෙයි. තම දෙමාපියන් ගැන සොයා බලන  ඔවුන්ට උදව් උපකාර කිරීමට හැකිවන දවසක්. 


සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

back to top