අද දවස ඔබට කොහොමද? 2014-12-29

මේෂ ලග්නය

මුදල් වැයවීම වැඩි දිනයක්. බිල්පත් ගෙවීම් ණය මුදල් ගෙවීම්  ආදිය යෙදෙයි. ගණුදෙණු වලදී ප‍්‍රවේශම් වන්න වැරදීම් නිසා අලාභ සිදුවීමට ඉඩ තිබේ. ශාරීරික අසනීප මතුවිය හැකියි. ඉතා ඉක්මනින් ඇදුම් අපිරිසිදු වෙයි. වංචනික පුද්ගලවන්ට හසු නොවීමට වගබලා ගන්න.

වෘෂභ ලග්නය

වාසනාවන්ත දවසක්. විවිධ ආකාරයේ වාසි ලැබෙයි. ගොවිතැන් වලින් හොද ඵලදාවක්  නෙලාගත හැකි දවසක්. ස්වයං රැකියා වල නියුතු අයට වාසි ලැබෙයි. නෑදෑ හිතවතුන් ඔබ සොයා එන දවසක්.  සමාජ ඇසුර ලැබෙන දවසක්. 


මිථුන ලග්නය

කලක සිට  සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුවෙයි. සංග‍්‍රහයක් භුක්ති විදිනන්ට ලැබෙයි. රැකියා උසස්වීම්  ස්ථාන මාරුවීම් ලබා ගැනීමට උනන්දුවක් දක්වයි පොළවෙන් වාසි ලැබෙන දවසක්. 

කටක ලග්නය

සිතට සහනය ලැබෙන විවිධ කටයුතු කෙරෙහි සිත යොමුවෙයි. ජ්‍යොතිෂය ගුප්ත විද්‍යාව වැනි විෂයන් ගැන උනන්දුවෙයි. වැඩිහිටියන්ගේ උපදෙස් අනුශාසනා අනුව වැඩ කිරීමට සිදුවෙයි. 

සිංහ ලග්නය

ගමන් බිමන් වලදී මග රස්තියාදු වීමට සිදුවෙයි. සිතට දුක දැනෙන ආරංචියක් අසනන්නට ලැබෙයි. අසහනකාරී සිතුවිලි ඇතිවෙයි. ආහාර මාර්ගයේ අසනීප මතුවිය හැකියි.  කලක් තිස්සේ කරගෙන ආ වැඩ කටයුත්තක් අතපසු වීමට නතර වීමට ඉඩ තිබේ. 

කන්‍යා ලග්නය 

රසවත් ආහාර පාන ලැබෙයි. වෙනදාට වඩා සමාජශීලීව  වැඩ කරයි. අවිවාහක අයට ගැලපෙන   සහකරුවන්  සහකාරියන් ලැබෙයි.  මංගල යෝග සහිතයි. ආදරය පිළිබද බලාපොරොත්තු සඵල වෙයි.  නවීන පන්නයේ අළුත් බඩු මිලදී ගනී. 

තුලා ලග්නය

ද්‍රව්‍යමය ලාබ ලැබෙන අතර ආර්ථික තත්වය ශක්තිමත් වෙයි. සෞඛ්‍ය තත්වය  යහපත්ව පවත්වා ගැනීමට  උනන්දුවෙයි. කලක සිට මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දෙයක්  ලබාගත හැකිවෙයි. සතුරු කරදර මගහැරී යයි. 

වෘශ්චික ලග්නය

කලාත්මක කටයුතුවල නියුතු අයට නව නිර්මාණ සංකල්පනා ඇතිවෙයි. අධ්‍යාපන කටයුතු වලදී වෙනදාට වඩා කැපවීමෙන් වැඩ කිරීමට සිදුවෙයි. දූ දරුවන් සමග ඵීනෝදවීමට  කී‍්‍රඩා කිරීමට  ඔවුන්ගේ කටයුතු වලට සහය වීමට සිදුවෙයි. ආදරය නිසා සිත් තැවුල් ඇතිවෙයි. 

ධනු ලග්නය

හිතවතෙකුගෙන් තෑගි බෝග හෝ සංග‍්‍රහයක් ලැබෙයි. ගේදොර වැඩ කටයුතු අපිලිවෙළ වෙයි. නෑදෑ හිතමිතුරන් සමග ගැටළු මතුවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. නින්දට බාධා ඇතිවෙයි. 

මකර ලග්නය

අනාගත දියුණුව ගැන සිතා වැඩ සැලසුම් කරයි.  ඉතා උද්යෝගයෙන් වැඩ කරන දවසක්. සහජ හැකියාවෙන් ප‍්‍රයෝජන ගන්නා දවසක්. අධ්‍යාපනය ලබන අයට යහපත් දවසක්. හිතමිතුරන්ගේ වැඩ කටයුතු වලට  උපකාර කිරීමට  සිදුවෙයි.


කුම්භ ලග්නය

වැඩ කටයුතු බහුල දවසක්. පෞද්ගලික නිදහස ඇහිරෙයි. ධනය ලැබීම් ප‍්‍රමාද වෙයි. වැඩ කටයුතු ප‍්‍රමාද වෙයි. වැඩ අධික නිසා කලට වේලාවට ආහාර ගැනීමට නොහැකි වෙයි.  කට නිසා හොද නම නරක්විය හැක. 


මීන ලග්නය 

හිතමිතුරන් සමග ඵීනෝද වීමට සතුටින් ගමන් යාමට අවස්ථාව සැලසෙයි. ඇදුම් පැළදුම් පිරිසිදු කර ගැනීමට නිවාස පිරිසිදුව පවත්වා ගැනීමට උනන්දුවෙයි. හිතමිතුරන් නිවසට පැමිණෙයි. අවංකව තීරණ ගන්නා දවසක්. ආර්ථික ලාභ ලැබෙන දිනයක්. 


සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

back to top