අද දවස ඔබට කොහොමද? 2014-12-24

මේෂ ලග්නය

තමන්ගේ දියුණුවක් ඇතිවන වාසනාවන්ත දවසක්. වෙළද ව්‍යාපාර කටයුතු වලින් දේපල වලින් හොද ලාභයක් ලැබෙයි. නෑදෑ හිතමිතුරන්ගෙන් උපකාර ලැබෙන දවසක්. සුවපහසුව වැඩිදියුණු කර ගැනීමට මුදල් වැය කිරීමට සිදුවෙයි. 

වෘෂභ ලග්නය

රැකියා උසස්වීම් ලබා ගැනීමට රැකියාව වෙනස් කිරීමට සිතෙන දවසක්. කලක් සිතේ පැවති බලාපොරොත්තුවක් හරියාකාරව ඉටුවෙයි. වැදගත් පුද්ගලයන් ඇසුරු කිරීමට අවස්ථාවන් යෙදෙයි. දෙමාපියන්ට උපකාර කිරීමට හැකිවෙයි. 

මිථුන ලග්නය

විදේශ ගත නෑදෑයන් හිතමිතුරන් සමග පවතින සම්බන්ධතාවයන් වර්ධනය වෙයි. වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබෙන දවසක්. ආගමික කටයුතු කෙරෙහි යොමුවෙයි. සවස් කාලය වන විට ආගමික වැඩකටයුත්තකට දායක වීමට ලැබෙයි. 

කටක ලග්නය

කලක සිට කරගෙනා කටයුත්තක් අතරමග නතර විය හැකියි. දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. ඒවා අතරතුර ප‍්‍රමාදවීම් ඇති වන්නට පුළුවන්. බඬේ අසනීපයක් හෝ මුත‍්‍රා මාර්ගය ආශි‍්‍රත අසනීපයක් ඇතිවන්නට පුළුවන්.  

සිංහ ලග්නය

පවුලේ සමගිය වර්ධනය වන දවසක්. ඔබ අවිවාහක නම් ගැලපෙන විවාහ යෝජනා ලැබෙයි. වැඩි පිරිසක් සමග සුහදශීලීව සහ සමාජශීලීව කටයුතු කිරීමට හැකිවන දවසක්. 


කන්‍යා ලග්නය

බලාපෙරොත්තු ඉටුවන සතුරු කරදර මගහැරෙන වාසනාවන්ත දවසක්. තරගකාරී කටයුතු වලින් ජයග‍්‍රහණ ලැබෙයි. සෞඛ්‍ය තත්වය සහ සනීපාරක්ෂාව කෙරෙහි විශේෂයෙන් උනන්දු වෙයි.


තුලා ලග්නය

දූ දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසවීමට සිදුවෙයි. ඔවන් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවෙයි. කලාත්මක කටයුතු වල නිරත අයට යහපත් දවසක්. පෙම්වතුන් අතර ගැටළු ඇතිවිය හැකි නිසා කල්පනාකාරීව වචන භාවිතා කරන්න. සිතේ සතුට


වෘශ්චික ලග්නය

වාහන දේපල ඉඩකඩම් නඩත්තු කිරීම සදහා මිල මුදල් වැයවන දවසක්. නිවස පිළිවෙලකට පවත්වා ගැනීමට වෙහෙස වීමට සිදුවෙයි. නෑදෑ හිතමිතුරන් සමග ගැටළු ඇතිවිය හැකි නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. අඩු කාලයක් නිදා ගැනීමට සිදුවෙයි. 

ධනු ලග්නය

අළුත් ආදායම් මාර්ග කෙරෙහි සිත් යොමුවෙන දවසක්. ඉදිරි වැඩකටයුතු සැළසුම් කරාවී. ඔබේ වැඩකටයුතු පිළිබදව පැසසුමක් අසන්නට ලැබේවි. දිරිමත්ව කටයුතු කිරීමෙන් දියුණුව ලගා කර ගතහැකි දිනයක්. නෑදෑ හිතමිතුරන්ගේ වැඩකටයුතු වෙනුවෙන් මහන්සි වීමට සිදුවෙයි. 

මකර ලග්නය

මුදල් ආයෝජනය කිරීමේදී සැලකිලිමත් වන්න. දෙවරක් සිතා බලා මුදල් වැය කලයුතු දවසක්. වෙනත් අයගේ වැඩ කටයුතු ඔබවෙත පැවරෙන්න පුළුවන්. නිදහස තරමක් අඩු දවසක්. 

කුම්භ ලග්නය

ප‍්‍රීතිමත් වාසනාවන්ත දවසක්. ගමන් බිමන් වලින් සතුටු විය හැකි දවසක්. සාධාරණ ලෙස තීන්දු තීරණ ගන්නා අතර සියලූ දෙනාගේම යහපත් ගැන සිතා කටයුතු කරයි. නෑදෑ හිතමිතුරන් හම්වෙයි. අළුත් ඇදුම් පැළදුම් විසිතුරු දෑ මිලදී ගනී. 


මීන ලග්නය

අනවශ්‍ය ලෙස මුදල් වැය වෙයි. පරිහරණය කරන දෑ මිලදී ගැනීම සදහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. ඔබගේ මුදල් පසුම්බිය පරිහරණය කරන දෑ රන් ආභරණ අස්ථානගත වීමට හැකි නිසා ප‍්‍රවේසමෙන් කටයුතු කරන්න. වැරදීම් නිසා අලාභ පාඩු සිදු වන්නට පුළුවන්. 


සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

back to top