2016 අගෝස්තු මස 01 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?


දිනය 2016 අගෝස්තු මස 01 වැනිදා සඳුදා
ඉර උදාව 0604 ඉර බැසීම 1830
රාහු කාලය දිවා – 1350 සිට 1523 දක්වා රාත්‍රී – 0143 සිට 0309 දක්වා
සුබ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ
2016 අගෝස්තු මස 01 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?
මේෂ ලග්නය
බුද්ධිය, දැනුම මෙහෙයවා කරනු ලබන කටයුතු වෙනුවෙන් අද දිනයේදී ඔබට ඉතාමත්ම යහපත් ග්‍රහ තත්වයකි පෙන්නුම් කරනු ලබන්නේ. ගේ දොර යානවාහන ආශ්‍රිතව කටයුතු සිදු කරන උදවියට ඉතාමත්ම ශුභ ආකාරයක් පෙන්නුම් කරනු ලබනවා.
වෘෂභ ලග්නය
අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. පවුලේ කටයුතු වලට වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන ආකාරයකි අද දිනයේදී දක්නට ලැබෙන්නේ. නිවසට භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු වූවානම් එවැනි කටයුතු වලටද යහපත්.
මිථුන ලග්නය
ඔබ අද දිනයේදී ප්‍රසිද්ධිය, කීර්තිය උදෙසා ගනු ලබන තීරණ ඉතාමත්ම සාර්ථක වනු ඇත. කලා අංශ වල සහ සන්නිවේදන ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියට අද දිනය ඉතාමත්ම යහපත්. දණහිස් ආශ්රිත ආබාධ වලට ලක් වීමේ ඉඩකඩක් පවතින බැවින් තරමක් සැලකිලිමත් වන්න.
කටක ලග්නය
ඔබට අද දිනයේදී දේපල ලැබීම් වලට යහපත් වුවත් එවැනි කටයුතු වලට යම් යම් බාධාකාරී තත්වයන් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. එවැනි දේ ගැනීම් වලදී ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත්ම වැදගත්.
සිංහ ලග්නය
අද දිනයේදී ඔබට කෙතරම් කරදර බාධක යෙදුනත් ඔබගේ අරමුණු වලට ගමන් කරන ආකාරයක් අද දිනයේදී දක්නට ලැබෙනවා.විශේෂයෙන් අද දිනයේදී උසස් අයගේ ආධාර උපකාර ලැබෙනවා.විශාල වූ ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව පවතිනවා.
කන්‍යා ලග්නය
අද දවසේ කන්‍යා ලග්න හිමියන්ට ලැබීම් සඳහා ඉතාමත්ම යෝග්‍යයි. යහපත් ග්‍රහ බල ශක්තියකි අද උදා වී පවතින්නේ. කරන කියන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලින්ද ඉතාමත්ම යහපත් තත්වයක් බලාපොරොත්තු වන්නට පුළුවන්.
තුලා ලග්නය
අද දිනයේදී තුලා ලග්න හිමියන්ට ප්‍රභල ධනයෝගයක් උදා කරවනවා. තමන් හිතන පතනවාට වඩා වැඩි යමක් අද දවස තුල ඔබට සිදු කරන්නට හැකියාව ලැබේවි. ඉතිරි කරගැනීම් වලට යහපත්. අතරමැදි ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන දෙගුණ වේවි.
වෘශ්චික ලග්නය
අද දිනයේදී තුලා ලග්න හිමියන්ට ප්‍රභල ධනයෝගයක් උදා කරවනවා. තමන් හිතන පතනවාට වඩා වැඩි යමක් අද දවස තුල ඔබට සිදු කරන්නට හැකියාව ලැබේවි. ඉතිරි කරගැනීම් වලට යහපත්. අතරමැදි ව්‍යාපාර වලින් ලාභ ප්‍රයෝජන දෙගුණ වේවි.
ධනු ලග්නය
තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් ඔබ වැඩි වශයෙන් මහන්සි වී කටයුතු සිදු කරන දිනයකි අද දිනය. සමාජ සේවා ආධුනික අංශ වල කටයුතු කරන උදවියට අද දිනයේදී තරමක් කාර්යබහුල දිනයකි.
මකර ලග්නය
ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. ධනු ලග්න හිමියන්ට සතුරු කරදර බාධා එල්ල වීමට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම කරන කියන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අමතක කරන්නට එපා. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්නා ධනු ලග්න හිමියන්ට ඉතා ශුභයි.
කුම්භ ලග්නය
අද දවස තුල ඔබට ප්‍රභල මන්ගලයෝග උදා කරන බව කිව හැකියි. විශේෂයෙන්ම අද දවසේදී ඇප ආදියට අත්සන් කිරීමේදී දෙවරක් නොව වැඩි වාර ගණනක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. උදෑසනම මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.
මීන ලග්නය
අනපේක්ෂිත කරදර බාධා සමුහයකට ලක්වීමට ඉඩකඩක් අද දිනයේදී ඔබට ඉඩකඩ පවතිනවා. නමුත් අද දිනයේදී ඔබ ඔබගේ අභියෝග රාජයෝග බවට පත් කරගනු ඇත. ගේ දොර ඉඩකඩම් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න හිමියන්ට ශුභයි.
back to top