පවතින සතුරු කරදර මගහැරී යන දවසක්. ඔබගේ ආදරණීයන් හමුවෙයි. උත්සව අවස්ථාවන්ට සහභාගීවීමට හැකිවන දවසක්. ඔබ ප‍්‍රියකරන ආහාරපාන ලැබෙයි.
වෘෂභ ලග්නය
දූ දරුවන් වෙනුවෙන් වැඩකටයුතු කරන දවසක්. තරගකාරී වැඩකටයුතුවල නියුතු වෙයි. රෝග පීඩාවලින් අත්මිදීමට අවශ්‍ය කටයුතුවල නිරතවෙයි.
මිථුන ලග්නය
නිවසේ වැඩකටයුතු ගැන උනන්දුවෙන් සොයා බලන දවසක්. සවස් කාලය දූ දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් වැයකිරීමට සිදුවෙයි. අධ්‍යාපන කටයුතුවල නියුතු අයට තරමක් වැඩ වැඩිවන දවසක්. ආදරය නිසා සුළු සිත් රිදීමක් ඇතිවන්නට පුළුවන්.
කටක ලග්නය
තම හැකියාවෙන් ප‍්‍රයෝජන ලබාගත හැකි දවසක්. සවස් කාලය වනවිට නිවසේ වැඩකටයුතු වැඩිවන්නට පුළුවන්. වාහන දේපල නඩත්තු කිරීම් යෙදෙන දවසක්. රාත‍්‍රී කාලයේදී අඩුවෙන් නිදා ගැනීමට සිදුවෙයි.
සිංහ ලග්නය
කාර්ය බහුල ලෙස දවස ආරම්භ වේවි. දිවා කාලය වනවිට වැඩකටයුතු වලින් තරමක නිදහසක් ලැබෙයි. හිත මිතුරන් වෙනුවෙන් සවස් කාලය කැපකිරීමට සිදුවෙයි. ඔබේ වැඩකටයුතු පැසසුමට ලක්වෙයි.
කන්‍යා ලග්නය
ප‍්‍රීතිමත් ලෙස දවස ආරම්භ කිරීමට හැකිවෙයි. දිවා කාලය වනවිට වැඩකටයුතු තරමක් වැඩිවෙයි. වෙනත් අයගේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවෙයි. කැඩුණු බිදුණු දෑ අළුත් කිරීමට මුදල් වැයවන දවසක්.
තුලා ලග්නය
උදෑසන කාලයේ කරන ගණුදෙනු පිළිබදව සැලකිලිමත් වන්න. ගමන් බිමන්වලදී හිත මිතුරන් සමග සතුටුවීමට හැකිවෙයි. කෙටි ගමන් යෙදෙයි. විසිතුරු භාණ්ඩ රෙදිපිළි මිලදී ගැනීමට උනන්දු වන දවසක්. කවුරුන් හෝ කෙනෙක් ඔබගේ අනුකම්පාව දිනාගන්නා දවසක්.
වෘශ්චික ලග්නය
උදෑසන කාලයේ කරන ගණුදෙනුවලින් වාසි ගෙනදේ. සවස් කාලය වනවිට වියදම ඉහල යයි. වැරදීම් නිසා පාඩුසිදුවන්නට පුළුවන්. තමන්ට නොගැලපෙන පුද්ගලයන් සමග කතාබහ කිරීමෙන් වලකින්න.
ධනු ලග්නය
බලාපොරෙත්තු ඉටුවන වාසනාවන්ත දවසක්. ස්වයං රැුකියාවල නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනවා. සවස් කාලය තුල අළුත් හිතමිතුරන් හදුනාගැනීමට හැකිවේ. පවුලේ සියළු දෙනා සමග රාතී‍්‍ර ආහාරය ගැනීමට ලැබෙයි.
මකර ලග්නය
උදෑසන කාලයේදී ආගමික කටයුතු පිළිබදව කතාබහ කරයි. සවස් වනවිට රැුකියාවේ වැඩකටයුතුවලින් නිදහසක් ලැබෙයි. නව රැුකියා අවස්ථා ගැන උනන්දුවන ඒ පිළිබදව තොරතුරු ලැබෙන දවසක්. දෙමාපියන්ගේ ඕනෑ එපාකම් ගැන සොයයි.
කුම්භ ලග්නය
දවස ආරම්භයේදී සිතට තරමක අසහනකාරී බවක් දැනෙයි. සිතට සහනය ලැබෙන විවිධදේ ගැන සොයයි. නීතිමය ගැටළු ඇතිවිය හැකි නිසා වඩාත් නීතිගරුක වන්න. ආගමික කටයුතු කෙරෙහි උනන්දුවන දවසක්.
මීන ලග්නය
උත්සව අවස්ථාවලට සහභාගීවීමට හැකිවන දවසක්. සවස්වනවිට සිතට තරමක කණගාටුවක් දැනෙන්නට පුළුවන්. ගමන් බිමන්වලදී මගතොට ප‍්‍රමාද වීම් ඇතිවෙයි. බලාපොරොත්තු නොවූ ආකාරයේ මුදල් වියදම් යෙදෙයි.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)

