2015-01-26 දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

මුදල් වැයවීම් තරමක් වැඩි දවසක්. බිල්පත් ගෙවීම් ණය පියවීම් යෙදෙයි. ගණුදෙනු වලදී ප්‍රවේශම් වන්න. වැරදීම් නිසා පාඩු සිදුවෙන්න පුළුවන්. ශාරීරික අසනීප මතුවිය හැකියි. ඉතා ඉක්මනින් ඇදුම් පැළදුම් කිලිටි වෙයි.

වෘෂභ ලග්නය 

වාසනාවන්ත දවසක්. වාසි ලැඛෙන ආර්ථීකය යහපත් වන දවසක්. ස්වයං රැකියා වල නියුතු අයට හොද ආදායමක් උපයාගත හැකියි. ගොව්තැන් වලින් හොද ඵලදාවක් ලැඛෙයි. නෑදෑ හිතමිතුරන් ඔබව සොයාගෙන එයි.


මිථුන ලග්නය

කලක් සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමට හැකිවන වාසනාවන්ත දවසක්. සංග්‍රහයන් භුක්ති විදීමට හැකිවෙයි. රැකියා උසස්වීම් ස්ථාන මාරුවීම් අළුත් රැකියා ලබා ගැනීම පිළිබද විශේෂ උනන්දුවක් දක්වන දවසක්. භූම්ය හා සම්බන්ධව කටයුතු කරන අයට වඩාත් වාසි ලැඛෙයි.

කටක ලග්නය 

සිතට සහනය ලැඛෙන විවිධ කටයුතු කෙරෙහි සිත් යොමු කරාවී. ජ්‍යෝතිෂ්‍ය ගුප්ත විද්‍යාව වැනි විෂයන් කෙරෙහි උනන්දුවන දවසක්. වැඩිහිටියන්ගේ උපදෙස් අනුශාසනා අනුව කටයුතු කරන දවසක්.

සිංහ ලග්නය

ගමන් බිමන් වලදී ප්‍රමාද වීම් ඇතිවන්නට පුළුවන්. සිතට දුක් දැනෙන ආරංචි අසන්නට ලැඛෙයි. ආහාර මාර්ගසේ අසනීප තත්වයක් මතුවිය හැකි නිසා ගන්නා ආහාර පිළිබදව සැලකිලිමත් වන්න.

කන්‍ය ලග්නය

රසවත් ආහාර පාන ලැඛෙයි. වෙනදාට වඩා සමාජශීලීව කටයුතු කිරීමට ලැඛෙයි. අවිවාහක අයට ගැලපෙන විවාහ යෝජනා ලැඛෙන දවසක්. පැරණි ආදර සම්බන්ධතාවයන් අළුත් වන දවසක්. නවීන පන්නයේ බඩු මුට්ටු මිලදී ගනීවී.

තුලා ලග්නය

සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට උනන්දුවන දවසක්. ද්‍රව්‍යමය ලාභ ලැඛෙන ආර්ථීකය ශක්තිමත් වන දවසක්. කලක සිට මිලදී ගැනීමට සිටි යමක් මිලදී ගැනීමට හැකිවෙයි. සතුරු කරදර මගහැරී යන දවසක්.

වෘශ්චික ලග්නය

කලාත්මක කටයුතු වල නිරත අයට අළුත් නිර්මාණ බිහිකිරීමට හැකිවෙයි. අධ්‍යාපන කටයුතු වලදී වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවෙයි. දූ දරුවන් සමග විනෝද වීමට ඔවුන්ට උපකාර කිරීමට විශේෂයෙන් කාලය වැය කිරීමට සිදුවන දවසක්. ආදරය නිසා සිත්තැවුල් ඇති වන්නට පුළුවන්.

ධනු ලග්නය 

හිතවතෙකුගෙන් තෑගි බෝග හෝ සංග්‍රහයක් ලැඛෙන දවසක්. ගේදොර වැඩකටයුතු අපිලිවෙළ වන්නට පුළුවන්. නෑදෑ හිත මිතුරන් සමග ගැටළු ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. නින්දට බාධා ඇති විය හැකියි.

මකර ලග්නය

අනාගත දියුණුව ගැන සිතා වැඩ සැළසුම් කරන දවසක්. ඉතා උද්යෝගයෙන් කටයුතු කරාවී. අධ්‍යාපනය ලබන අයට යහපත් දවසක්. ඉහල ඉදිරිපත් වීමේ හැකියාවක් ඇති දවසක්. හිතමිතුරන්ගේ වැඩකටයුතු වලට උපකාර කිරීමට සිදුවෙයි.

කුම්භ ලග්නය

වැඩකටයුතු බහුල දවසක්. පෞද්ගලික නිදහස අඩුවන දවසක්. ධනය ලැබීම් ප්‍රමාද වෙයි. වැඩකටයුතු තරමක් අතපසු විය හැකි දවසක්. වැඩ අධික නිසා වේලාවට ආහාර ගැනීමට නොහැකි වෙයි. ප්‍රවේශමෙන් වචන භාවිතා කරන්න. කට නිසා හොද නම නරක්වෙයි.

මීන ලග්නය 

හිතමිතුරන් සමග විනෝද වීමට සතුටින් ගමන් බිමන් යෑමට හැකිවන දවසක්. ඇදුම් පැළදුම් පිරිසිදු කර ගැනීමට නිවෙස් පිරිසිදුව පවත්වා ගැනීමට උනන්දුවන දවසක්. අපහසුතාවයකට කරදරයකට පත්වූ අයෙකුට පිහිට වීමට ඉදිරිපත් වන දවසක්. ආර්ථීක වශයෙන් ලාභ ලැඛෙන දවසක්.


සම්පාදනය 
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)


back to top