මේෂ ලග්නය
සමාජ සේවා කටයුත්තකට දායක වීමට හැකි වෙයි. රසවත් ආහාර පාන ලැඛෙයි. ආදර සම්බන්දතා අලුත් වන පෙම්වතුන්ට පෙම්වතියන්ට වාසනාවන්ත දවසක්. පවුලේ සමගිය වර්ධනය වෙයි. අවිවාහක අයට ගැලපෙන විවාහ යෝජනා ලැඛෙයි. වාද විවාද වලට ප්‍රිය කරයි. ඒවාට ඇහුම් කන් දෙයි.
වෘශභ ලග්නය
කලක් තරහ වී සිටි අයෙක් සමග යලිත් මිතුරු වීමට ලැඛෙයි. කලක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට වාසනාව ඇත. ලෙඩ රෝග ගැන උනන්දු වන දවසක්. ලෙඩ රෝග පිලිබදව කතාබහ කරයි. තරගකාරී කටයුතු වලින් වාසි ලැඛෙයි. ආර්ථික තත්වය යහපත් වෙයි.
මිථූන ලග්නය
ඔබේ පෙම්වතා පෙම්වතිය සමග කතාබහ කිරීමේදී සිත් රිදීම් ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න. තම දූ දරුවන් සමග කාලය ගතකිරීමට ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට හැකිවන දවසක්. කලාත්මක වැඩ කටයුතු වල නියුතු අයට නව නිර්මාණශීලී සිතුවිලි ඇති වෙයි. ක්‍රීඩාව කෙරෙහි සිත යොමුවෙයි. නමුත් සිතේ සතුට තරමක් අඩු දවසක්.
කටක ලග්නය
තෑගි භෝග ලැඛෙන දවසක්. සිතේ ඇති වන සැකයක් නිසා හෝ දේපල ගැටලුවක් නිසා ඥාතීන් සමග ප්‍රශ්න ඇති විය හැකියි. ගේ දොර පිරිසිදු කර ගැනීමට පිලිවෙලකට පවත්වා ගැනීමට මහන්සි වී වැඩ කරයි. ඉඩකඩම් නඩත්තු කිරීමට, ඒවා ආරක්ෂා කර ගැනීමට වෙහෙස වීමට සිදුවෙයි.
සිංහ ලග්නය
ඉතා උනන්දුවෙන් වැඩ කටයුතු කරන දවසක්. අලුත් වැඩ කටයුතු සංවිධානය කිරීමට, සැලසුම් කිරීමට හැකිවෙයි. හිත මිත්‍රයන් සමග ගමනකට සහභාගී වීමට හෝ ඔවුන්ගේ වැඩකට උදව් කිරීමට සිදුවෙයි. ඔබගේ වැඩ කටයුතු පිලිබදව, හැකියාවන් පිලිබදව බොහෝ දෙනා කතාබහ කරාවි.
කන්‍ය ලග්නය
කලකට පසුව ඔබට නුහුරු නුපුරුදු වැඩක් කිරීමට සිදුවෙයි. ඇතැම් විට වෙනත් කෙනෙකු ලවා කර ගැනීමට තිබූ වැඩක් ඔබටම කිරීමට සිදුවෙයි. ගණුදෙනු වලදී බුද්ධිමත්ව කටයුතු කරන්න. වැඩ අධික බවක් දැනෙයි. ආහාර ගැනීමේ රටාව තුල වෙනසක් ඇතිවිය හැක. ධනය ලැබීම ප්‍රමාද වෙයි.
තුලා ලග්නය
සියලූ දෙනා පිළිබද අනුකම්පා සහගත සිතුවිලි ඇතිවෙයි. කාට හෝ උපකාරයක් කරයි. නෑදෑයන් හිතමිතුරන් සමග ගමන් බිමන් යාමට ලැඛෙන දවසක්. රෙදිපිලි පිරිසිදු කර ගැනීමට ගේ දොර අලංකාර කිරීමට වැඩියෙන් උනන්දු වෙයි. සිත් රිදීම් ඇතිවන දවසක්.
වෘශ්චික ලග්නය
කලක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉටුවෙයි. ලෙඩ රෝග ගැන උනන්දුවන දවසක්. කලක් තරහ වී සිටි අයෙක් සමග මිතුරු වෙයි. තරගකාරී කටයුතු වලින් වාසි ලැඛෙයි. ආර්ථීක තත්වය යහපත් දවසක්.
ධනු ලග්නය
මුදල් අර පරිස්සම ගැන එතරම් උනන්දු නොවන දිනයක්. ප්‍රවේශමෙන් කටයුතු නොකිරීම නිසා අලාභ පාඩු සිදුවිය හැකියි. වංචාවන්ට හසුවිය හැකියි. ප්‍රශ්න ඇතිවිය හැකි නිසා ප්‍රවේශමෙන් වචන භාවිත කරන්න.
මකර ලග්නය
සංග්‍රහයක් භුක්ති විදීමට හෝ දායක වීමට ලැඛෙයි. අලූත් වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි වෙයි. සමාජයේ හොද පිළිගැනීමක් ඇති පිරිසක් ඇසුරු කිරීමට හැකිවෙයි. දෙමාපියන් ගැන සොයන ඔවුන්ට උපකාර කරන දවසක්.
කුම්භ ලග්නය
ඉතිහාසය පිලිබදව දැන ගැනීමට, පෑරණි දේ පිලිබදව සොයා බැලීමට උනන්දු වෙයි. ආගමික කටයුතු පිලිබදව වැඩි ලැදියාවක් දක්වයි. එවැනි කටයුතු පිලිබදව කතා බහ කරයි. පූජ්‍ය පක්ෂයෙන් හෝ වැඩිහිටියෙකුගෙන් උපදෙසක් ලැඛෙයි. පිට පලාතක සිටින ඥාතියෙකු හෝ මිතුරෙකු සමග පවතින සම්බන්දතාවය අලුත් වෙයි.
මීන ලග්නය
තමන් ප්‍රිය නොකරන අයෙක් සමග කටයුතු කිරීමට සිදුවෙයි. දුර බැහැර ගමන් යෙදෙයි. නමුත් ඒවා අතරතුර ප්‍රමාද වීම් ඇතිවෙයි. බලාපොරොත්තු නොවූ මුදල් වැයවීමක් සිදුවෙයි. සිතට තරමක් අවිවේකී දවසක්. තුනටිය අශ්‍රිතව අසනීපයක් හෝ බඩේ අසනීපයක් ඇතිවිය හැක.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
